Header

Sri Lanka Army

Defender of the Nation

31st July 2019 22:31:02 Hours

මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් මනස සුවපත් කිරිමේ වැඩසටහනක් ආරම්භ කරයි

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ මුලිකත්වයෙන් පුජ්‍ය දියසෙන්පුර විමල හිමිපාණන් විසින් මෙහෙයවනු ලබන භාවනා වැඩසටහනක් පසුගියදා මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානයේදී පැවැත්විණි.

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් පැවැත්වූ මෙම භාවනා වැඩසටහන මුලතිව් මෙන්ම සියලුම ආරක්‍ෂක සේනා මුලස්ථානයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ අධ්‍යාත්මික සංවර්ධනය හා මානසික යහපැවැත්ම ඉහළ නැංවීම අරමුණින් පවත්වනු ලබයි.

මනස සුව කිරීමේ මෙම භාවනා වැඩසටහන සඳහා මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථාන යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සමඟ 59, 64 හා 68 සේනාංකයන්, මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙසේ මෙන්ම බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සහභාගී වූහ. bridge media | Entrainement Nike