2019-11-14 17:33:07
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ භටපිරිස් විසින් නව උසස්වීම් ලැබු 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම්.ඩි විජේසුන්දර ඉකුත් බ්‍රහස්පතින්දා (14) දින පැවැති හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයකදී උණුසුම් අයුරින් පිලිගනු ලැබීය.
2019-11-13 23:07:13
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් පළමු හා දෙවන ලෝක යුද සංග්‍රාමය ඇතුළු යුදබීමේදී මෙතෙක් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කිරීමේ ‘සන්නද්ධ හමුදා’ සැමරුම් දිනය ලෙස ‘පොපි දින’ සැමරුම් උත්සවය අද (10) දින උදෑසන කොළඹ...
2019-11-13 15:23:10
ශ්‍රී ජයවර්ධනපුර අභිනවයෙන් ඉදිකරන ලද යුද්ධ හමුදා මූලස්ථානය චාරිත්‍රානුකූලව විවෘත කිරීමෙන් අනතුරුව සෙනසුරාදා (09) දින උදෑසන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් දිවයිනේ ප්‍රධාන ආගම් හතරක ආගමික වතාවත්...
2019-11-13 12:40:04
20 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවට අනුයුක්තව සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් කණ්ඩායමක් ඉකුත් සෙනසුරාදා (9) දින ස්කන්ධපුරම් පූජනීය අම්මාන් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ප්‍රජා ව්‍යාපෘතියක් දියත් කළහ.
2019-11-13 09:40:04
ශ්‍රී ජයවර්ධනපුර අභිනවයෙන් ඉදිකළ යුද්ධ හමුදා මූලස්ථානය විවෘත කිරීමට සමගාමීව, 53 වන සේනාංක මූලස්ථානයේ මූලිකත්වයෙන් යුද්ධ හමුදා පාපැදිකරුවන් සියගණනකගේ සහභාගීත්වයෙන් පවත්වන ලද පාපැදි සවාරිය දින දෙකක් ඇතුළත කිලෝමීටර් 98 ක් දුරින් පිහිටි පූජනීය ‘ශ්‍රී පාද‘ කඳු මුදුනට ළඟාවීම සඳහා අද...
2019-11-13 07:00:47
62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ ගේ පූර්ණ සහයෝගය ඇතිව 622 වන බලසේනාවේ බලසේනාධිපති ගේ මඟපෙන්වීම යටතේ පදවිය, ඌරව, මහසෙන්පුර ප්‍රදේශයේ පදිංචි තවත් අඩුආදායම්ලාභි පවුලක් වෙනුවෙන් 20 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන්...
2019-11-10 21:31:15
ශ්‍රී ජයවර්ධනපුර නව යුද්ධ හමුදා මුලස්ථානයට ආශිර්වාද එක් කරමින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක පූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමිපාණන් ප්රමුඛ මහා සංඝරත්නය සිකුරාදා (08) දින සන්ධ්‍යාවේ සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් සිදු කළහ.
2019-11-10 21:01:15
22 වන සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.අයි මාරසිංහ සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව ඉකුත් සිකුරාදා (8) දින ප්‍රදේශයේ විශේෂ ස්ථානයන් හී සංචාරයක නිරත විය. එහිදි එතුමන් ප්‍රථමයෙන් ත්‍රීකුණාමලය ජයසුමානාරාමය විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ත්‍රීකුණාමලයේ ඥාණකිත්තී හිමියන් බැහැදැක ආශීර්වාද ලබාගත්හ. අනතුරුව ත්‍රිකුණාමලය අගරදගුරු ගරු ක්‍රිස්ටියන් නොයෙල් එමානුසේල් ද, ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් එන්.ඒ.ඒ පුෂ්පකුමාර මහතා සහ ත්‍රිකුණාමලය නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල මහතා හමුවිය.
2019-11-10 20:31:15
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 111 වන බලසේනාව, 112 වන බලසේනාව සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන් යටතේ සේවයේ නියුතු නිලධාරීන් 35 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 335 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ඉකුත් සඳුදා (11) දින නල්ලතන්නියේ සිටි ශ්‍රී පාදස්ථානය දක්වා මාර්ගය පිරිසිදු කිරීමේ දැවැන්ත ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කරන ලදී. මෙම ව්‍යාපෘතිය සිකුරාදා (08) දින නව යුද්ධ හමුදා මුලස්ථානය විවෘත කිරීමට සමගාමීව සිදු කෙරිණි.
2019-11-10 13:38:26
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි 22 වන සේනාංක මූලස්ථානයේ 24 වන සේනාංකාධිපති ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් අතුල මාරසිංහ ඉකුත් සඳුදා (04) දින රාජකාරී ආරම්භ කරන ලදී.