Header

Sri Lanka Army

Defender of the Nation

10th November 2019 21:01:15 Hours

22 වන සේනාංකයේ නව සේනාංකාධිපතිතුමන් සිය රාජකාරී බළ ප්‍රදේශය තුළ සංචාරයක නිරත විය

22 වන සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.අයි මාරසිංහ සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව ඉකුත් සිකුරාදා (8) දින ප්‍රදේශයේ විශේෂ ස්ථානයන් හී සංචාරයක නිරත විය. එහිදි එතුමන් ප්‍රථමයෙන් ත්‍රීකුණාමලය ජයසුමානාරාමය විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ත්‍රීකුණාමලයේ ඥාණකිත්තී හිමියන් බැහැදැක ආශීර්වාද ලබාගත්හ. අනතුරුව ත්‍රිකුණාමලය අගරදගුරු ගරු ක්‍රිස්ටියන් නොයෙල් එමානුසේල් ද, ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් එන්.ඒ.ඒ පුෂ්පකුමාර මහතා සහ ත්‍රිකුණාමලය නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල මහතා හමුවිය.

අනතුරුව එතුමන් ත්‍රිකුණාමලයේ සිදුකළ සංචාරයේදී කෝනේෂ්වරම් කෝවිලට ගොස් වැදුම් පිදුම් සහ පුජාවන් සිදුකර ආශිර්වාද ලබාගත්හ. Nike sneakers | Converse Chuck Taylor All Star Translucent - Women Shoes - 165609C