Header

Sri Lanka Army

Defender of the Nation

14th November 2019 17:33:07 Hours

නව උසස්වීම් ලැබූ 66 වන සේනාංකයේ සේනාංකාධිපති උණූසුම් අයුරින් පි‍ලිගනී

කි‍ලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ භටපිරිස් විසින් නව උසස්වීම් ලැබු 66 වන සේනාංකයේ සේනාංකා‍ධිපති මේජර් ජෙනරාල් එම්.ඩි විජේසුන්දර ඉකුත් බ්‍රහස්පතින්දා ‍(14) දින පැවැති හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයකදී උ‍ණුසුම් අයුරින් පි‍ලිගනු ලැබීය.

66 වන සේනාංක මුලස්ථාන පරි‍ශ්‍රය වෙත සපැමිණි නව සේනාංකා‍ධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙ‍ළපාලියක් පිරිනැමීය. ඉන් අනතුරුව මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ එතුමන් 66 වන පාබල සේනාංකයේ භටපිරිස් ඇමතූ අතර අනතුරුව පැවැති සියලු නිළ තේපැන් සංග්‍රහයකට ද එක්විය.

මෙම උත්සව අවස්ථාව සඳහා 66 වන සේනාංක මුලස්ථානය සහ ඒ යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිළයින් රැසක් සහභාගි වූහ. Sport media | Womens Shoes Footwear & Shoes Online