Header

Sri Lanka Army

Defender of the Nation

13th November 2019 12:40:04 Hours

කිලිනොච්චියේදී හින්දු කෝවිලක් පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක්

20 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවට අනුයුක්තව සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් කණ්ඩායමක් ඉකුත් සෙනසුරාදා (9) දින ස්කන්ධපුරම් පූජනීය අම්මාන් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ප්‍රජා ව්‍යාපෘතියක් දියත් කළහ.

මෙම ප්‍රජා ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් සමගින් ප්‍රදේශයේ සිවිල් වැසියන් 15 දෙනෙකු එක්වූහ.

මෙම ප්‍රජා ව්‍යාපෘතිය 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම ගේ උපදෙස් මත 652 වන බලසේනාවේ බලසේනාධිපති ගේ අධීක්‍ෂණය යටතේ දියත් කරන ලදී. Sportswear Design | Nike