2020-01-05 09:00:55
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් දියත් කරන ලද ස්වයං සේවා ප්‍රජා ‘ශ්‍රමදාන’ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදා සාමාජිකයින්, රජයේ නිලධාරීන්, ව්‍යාපාරිකයින් සහ මහජනතාව ඇතුළු 200 කට අධික පිරිසක් ඉකුත් සිකුරාදා (03) දින වැලිකන්ද නගරබද ප්‍රදේශය පිරිසිදු කිරීමට දායක වූහ.
2020-01-05 08:20:55
නික්ම යන 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.එස්. ආරියසිංහ වෙත ඉකුත් සිකුරාදා (03) දින 68 වන සේනාංක පරිශ්‍රයේදී කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමමින් හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයක් සංවිධානය කරනු ලැබීය.
2020-01-05 07:20:55
යාපනයේ නිලවේලි ප්‍රදේශයේ පිහිටි ‘පාලර් පහල්’ හි ඉගෙනුම ලබන ළමුන් 53 දෙනෙකු, ඔවුන්ගේ දෙමාපියන් සහ ගුරුවරුන් ඉකුත් සිකුරාදා (03) දින නවතමයෙන් විවෘත කරන ලද යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි සංචාරයක නිරත වෙමින් එහි මෙහෙයුම් කටයුතු නිරීක්ෂණය හා ගුවන්යානයකට ගොඩවීමේ දුර්ලභ අවස්ථාව මෙන්ම තවත් අත්දැකීම් රැසක් ද ලබා ගැනීමට අවස්ථාව උදාවිය.
2020-01-05 07:00:55
අරසපුරකුලම් ප්‍රදේශයේ පිහිටි 66 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දෙමළ භාෂා ප්‍රවීණතාවය ඉහළ නැංවීම සහ දෙමළ භාෂාව කතා කිරීමේ හැකියාව වර්ධනය කිරීමේ අරමුණින් එම සේනාංක බලඇණි පුහුණු පාසලේ පවත්වනු ලැබූ වැඩමුළුව ඉකුත් සිකුරාදා (03) දින අවසන් විය.
2020-01-03 17:53:08
ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී අද (01) දින ශ්‍රී ලංකා ජාතික ධජය, යුද්ධ හමුදා ධජය සහ උත්සව කොඩි ළෙලදෙමින් කෙටි උත්සවයක් පවත්වා අභිමානවත් 2020 නව වසරේ පළමු වැඩ කරන දිනය...
2020-01-03 15:07:46
වෙඩිතල්තිව් ආධුණික පුහුණු පාසලේ පාඨමාලා අංක 12 යටතේ පුරා මාස 06 ක කාලයක් ආධුණික පුහුණු පාඨමාලාව සාර්ථකව හැදෑරු ආධුණික සෙබළුන් 259 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලියක්...
2020-01-03 14:45:36
2020 නව වර්ෂය උදාවීම සියලු ශ්‍රී ලාංකිකයින්ට විනෝදාත්මක කාල පරිච්ඡේදයක් උදාකර දුන් අතර රට පුරා නව බලාපොරොත්තු යළි පණ ගැන්වුණි. 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර් ජයපතිරණගේ ආශිර්වාදය ඇතිව 211 වන බලසේනාවේ බලසේනාධිපති...
2020-01-03 14:24:36
යුද්ධ හමුදා පර්යේෂණ, විශ්ලේෂණ, යෝජනා හා සංවර්ධන ශාඛාවේ නව අධ්යක්ෂතුමන් ලෙස ඉකුත් බ්‍රහස්පතින්දා (2) දින ශ්‍රී ලංකා සංඥා බලකායේ බ්‍රිගේඩියර් එන්.පී. අකුරන්තිලක පනාගොඩ යුද්ධ හමුදා කඳවුරේ පිහිටි එතුමන්ගේ කාර්යාලයේදී රාජකාරි අරඹනු ලැබීය.
2020-01-03 10:24:36
ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් එස්.එම්.එස්.පී.බී සමරකෝන් රණසේවා අධ්යක්ෂ ලෙස ඉකුත් සඳුදා (30) දින ශ්‍රී ජයවර්ධනපුර, යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි කාර්යාලයේදී සිය ධූරයේ රාජකාරි ආරම්භ කරයි.
2020-01-02 15:33:33
සන්නද්ධ හමුදාවන්හී සේනාවිධායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වර්ෂ 2020 ජනවාරි මස 01 දින සිට බලපැවැත්වෙන පරිදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාධිපති ධූරයට අමතරව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික....