Header

Sri Lanka Army

Defender of the Nation

05th January 2020 08:20:55 Hours

නික්ම යන 68 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් හට ගෞරවාචාර

නික්ම යන 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.එස්. ආරියසිංහ වෙත ඉකුත් සිකුරාදා (03) දින 68 වන සේනාංක පරිශ්‍රයේදී කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමමින් හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයක් සංවිධානය කරනු ලැබීය.

නික්ම යන 68 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත 68 වන සේනාංකයේ සරබ භූමියේදී 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමන ලදී. මෙම සමුගැනීමේ පෙළපාළිය සහ උත්සවය නැරඹීම සඳහා බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධරින්, 68 වන සේනාංකයේ සේවයේ නියුතු සියළුම නිලධාරින් මෙන්ම සෙසු නිලයින් ද සහභාගී වුහ.

එතුමන් 68 වන සේනාංකයේ සේනාංකාධිපති ධූරයේ රාජකාරි අත්හැරීම සනිටුහන් කරමින් එම මූලස්ථාන පරිශ්‍රයේ ‘සඳුන්’ පැළයක් ද රෝපණය කරනු ලැබීය.

නික්ම යන සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ආරියසිංහ සියළු යුද්ධ හමුදා සාමාජිකයින් අමතමින් එතුමන්ගේ සේවා කාලය තුල දැක්වූ සහයෝගය වෙනුවෙන් සිය ස්තූතිය ද ඔවුන් වෙත පුද කරනු ලැබීය. Sports Shoes | Men's Sneakers