2024-10-06 14:24:55
563 පාබල බලසේනාවේ 27 වන සංවත්සරය දිනය අභිමානවත් අයුරින් 2024 ඔක්තෝබර් මස 4 දින සමරනු ලැබීය. සංවත්සර සැමරුම් උත්සවයේ අංගයක් ලෙස, අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී ධජ ආශිර්වාදයක් සහ කිරි ආහාර පූජාවක් ඇතුළු වැඩසටහන් කිහිපයක් එම බලසේනා භට පිරිස් විසින් සංවිධානය කරන ලදී.
2024-10-06 14:19:10
2024 ඔක්තොම්බර් 10 දිනට යෙදෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි විසින් 2024 ඔක්තෝම්බර් මස 3 දින එම මුලස්ථාන ක්‍රීඩා පිටියේදී සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් සංවිධානය කරන ලදී.
2024-10-06 14:09:00
ලෝක ළමා දිනය 2024 සැමරීම නිමිත්තෙන් ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර උපදෙස් පරිදි 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිව්පී ආරඒස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 20 බලඇණිය ගජබා රෙජිමේන්තුව විසින් 2024 ඔක්තෝම්බර් මස 1 දින පරණමැදවච්චිය විද්‍යාලයේ සිසුන් 77 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ප්‍රජා සත්කාරක වැඩසටහනක් සංවිධානය කරන ලදී.
2024-10-06 14:02:35
9 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදව විසින් සංවිධානය කරන ලද අංක 01–2024 දමිළ භාෂා පාඨමාලා සඳහා සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය 2024 ඔක්තෝම්බර් මස 1 දින වැලිකන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි. සිංහපුර කනිෂ්ඨ විද්‍යාලයේ සහ නෙළුම් වැව මහා විද්‍යාලයේ සිසුන් 178 දෙනෙකු සඳහා සහතික පත් ප්රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංගේ ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සහභාගී විය.
2024-10-06 13:56:32
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා දැල්පන්දු කණ්ඩායම 2024 සැප්තැම්බර් මස 28 දින පනාගොඩදී පැවති අන්තර් රෙජිමේන්තු දැල්පන්දු ශූරතාවලිය - 2024 ජයග්‍රහණය කිරීමට සමත් විය.
2024-10-06 09:20:36
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මගපෙන්වීම යටතේ එම පාබල සේනාංකය විසින් රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 ඔක්තෝම්බර් මස 4 දින සේනාංක මුලස්ථානයේදී සංවිධානය කරන ලදී.
2024-10-05 22:31:44
භකාස අණසක ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය නව ආඥාපති ලෙස මේජර් ජෙනරල් ජී.එල්.එස්.ඩබ්ලිව් ලියනගේ යුඑස්පී පීඑස්සී 2024 සැප්තැම්බර් මස 30 දින භකාස අණසක ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය පරිශ්‍රයේදී ආගමිකවතාවත් සහ යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගත්තේය.
2024-10-05 21:04:19
ගෝලීය සාම මෙහෙයුම් මුලපිරීමේ අයතනය (Global Peace Operations Initiative) විසින් අනුග්‍රහය දක්වන ලද එක්සත් ජාතීන්ගේ සිවිල් පුද්ගලයන් ආරක්ෂා කිරීමේ පාඨමාලා අංක 02 ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී 2024 ඔක්තෝම්බර් මස 04 දින සාර්ථකව අවසන් කරන ලදී.
2024-10-05 17:30:11
212 පාබල බලසේනාව විසින් 2024 සැප්තැම්බර් මස 30 දින ලෝක ළමා දිනය සැමරීම සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
2024-10-05 17:27:27
ශ්‍රී ලංකා යුද හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව, 4 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස්, ප්‍රාදේශීය අධ්යක්ෂ සෞඛ්‍ය සේවා නිලධාරීන් සහ නගර සභා නිලධාරීන් සමඟ එක්ව, 2024 සැප්තැම්බර් මස 30 දින, අනුරාධපුර, බසවක්කුලම ජලාශය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.