06th October 2024 14:24:55 Hours
563 පාබල බලසේනාවේ 27 වන සංවත්සරය දිනය අභිමානවත් අයුරින් 2024 ඔක්තෝබර් මස 4 දින සමරනු ලැබීය. සංවත්සර සැමරුම් උත්සවයේ අංගයක් ලෙස, අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී ධජ ආශිර්වාදයක් සහ කිරි ආහාර පූජාවක් ඇතුළු වැඩසටහන් කිහිපයක් එම බලසේනා භට පිරිස් විසින් සංවිධානය කරන ලදී.
මීට අමතරව අලගල්ල පොතුකුලම විරාම මුනිවාර් ප්‍රදේශයේ දරුවන්වෙත පාසල් උපකරණ බෙදාදීම සිදුකිරීම මෙන්ම යුද්ධයේදී ජීවිත පරිත්‍යාග කළ රණ විරුවන් හට පිං පැමුණු වීම සහ දැනට ප්‍රතිකාර ලබන රණවිරුවන් ඇතුළු සේවයේ නියුතු සියලුම නිලයන්ට ආශිර්වාද පතා පිරිත් සජ්ඣායනයක් ද පවත්වන ලදී.
යුද්ධ හමුදා සම්ප්‍රදායන් අනුගමනය කරමින් 563 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වයි.එම්.එස්.සී.බී. ජයතිලක ආර්එස්පී යූඑස්පී වෙත කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළ සිටුවීමකට ද එක්විය.
පසුව බලසේනාධිපතිතුමන් විසින් බලසේනාවේ භට පිරිස් අමතමින්, බලසේනාවේ ඉතිහාසය සහ ඉදිරි ගමන පිළිබඳව ප්‍රකාශ කළේය.
563 පාබල බලසේනාවේ නිලධාරීන් සහ සෙසු නිලයන් මෙම සැමරුම් උත්සව සඳහා සහභාගී වූහ.