Header

Sri Lanka Army

Defender of the Nation

05th October 2024 22:31:44 Hours

භකාස අණසක ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය නව ආඥාපතිතුමන් රාජකාරි අරඹයි

භකාස අණසක ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය නව ආඥාපති ලෙස මේජර් ජෙනරල් ජී.එල්.එස්.ඩබ්ලිව් ලියනගේ යුඑස්පී පීඑස්සී 2024 සැප්තැම්බර් මස 30 දින භකාස අණසක ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය පරිශ්‍රයේදී ආගමිකවතාවත් සහ යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගත්තේය.

භකාස අණසක ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය නව ආඥාපති ලෙස මේජර් ජෙනරල් ජී.එල්.එස්.ඩබ්ලිව් ලියනගේ යුඑස්පී පීඑස්සී එම මුලස්ථානයේ මාණ්ඩලික නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, මුලස්ථාන කාර්යාලය ඉදිරිපිට පැලයක් රෝපණය කිරීමෙන් අනතුරුව නිළධාරීන් හා සෙසුනිළයින් සමග සමුහ ඡායාරූපයකට පෙනී සිටින ලදි.

ඉන් අනතුරුව රාජකාරී භාරගැනීම සනිටුහන් කිරීම වෙනුවෙන් සංකේතාත්මකව නිල ලේඛනවලට අත්සන් තැබීමේන් අනතුරුව එතුමන් සියලු නිලයන් ඇමතීය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගී වූහ.