05th October 2024 21:04:19 Hours
ගෝලීය සාම මෙහෙයුම් මුලපිරීමේ අයතනය (Global Peace Operations Initiative) විසින් අනුග්‍රහය දක්වන ලද එක්සත් ජාතීන්ගේ සිවිල් පුද්ගලයන් ආරක්‍ෂා කිරීමේ පාඨමාලා අංක 02 ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී 2024 ඔක්තෝම්බර් මස 04 දින සාර්ථකව අවසන් කරන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරීන් 23 දෙනෙකු, නාවික හමුදාවෙන් 1 නිලධාරියෙකු, ගුවන් හමුදාවෙන් නිලධාරීන් 2 දෙනෙකු මෙන්ම බංග්ලාදේශය, මොංගෝලියාව සහ නේපාලය යන රටවල විදේශ නිලධාරීන් 5 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම පාඨමාලාව සැප්තැම්බර් 30 සිට ඔක්තෝබර් 04 දක්වා පැවැත්විණි.
එක්සත් රාජධානියේ රොජර් ඩේවිඩ් හියුස් මහතාගේ නායකත්වයෙන් යුත් විෂය කරුණු පිළිබඳ විශේෂඥයින් හතර දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් පුහුණුව සඳහා පහසුකම් සපයන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එස්.ඒ. හෙට්ටිගේ ආර්එස්පී පීඑස්සී සහභාගී වූ අතර සමාප්ති උත්සවයේදී පාඨමාලාවට සහභාගී වූවන් වෙත සහතික පත් ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාවට එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ උපදේශකවරු ද සහභාගී වූහ.