2020-05-17 01:58:01
යුද්ධ හමුදා රංග හා කලා අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් ආර්.බී. බෙන්ජමින් පසුගියදා රත්මලානේ පිහිටි සිය කාර්යාලයේ පැවැති කෙටි උත්සවයකදී සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.
2020-05-17 00:58:01
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත බැංකොක් සිට ශ්‍රී ලාංකීකයන් 69 දෙනෙකු ඉකුත් ඉරිදා (17) දින Q2 6351 දරණ මගී ගුවන්යානයෙන් දිවයිනට පැමිණෙන ලදී.
2020-05-16 23:50:29
කොවිඩ්-19 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා සන්නද්ධ හමුදා සාමාජිකයින් විසින් සිදුකරනු ලබන කාර්යභාර්ය අගය කළ ඇන්සල් ලංකා පුද්ගලික සමාගමේ ඇන්සල් ග්ලෝබල් ඉංජිනේරු අංශයේ සාමාජිකයින් සිකුරාදා (15) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ...
2020-05-16 23:45:31
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ සහ 59 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 593 වන බලසේනාවේ භටපිරිස් කෝකිලායි ධීවර ගම්මානයේ අඩු ආදායම්ලාභි පවුල් 50 කට වියළි ආහාර සලාක පාර්සල් තොගයක් ඉකුත් සිකුරාදා (15) දින බෙදාදෙන ලදී.
2020-05-16 23:40:31
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 12 වන ගැමුණු හේවා බළඇණියේ සේවයේ නියුතු භටපිරිස් ඉකුත් සෙනසුුරාදා (16) දින යාපනය අර්ධද්වීපයේ කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ පූර්වාරක්ෂාවක් ලෙස අරියාලෙයි ප්‍රදේශය සම්පුර්ණයෙන්ම විෂබීජහරණය කළහ.
2020-05-16 23:39:31
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මෙන්ම ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ඉකුත් බදාදා (13) දින කුරුණෑගල, පාන්ගොල්ල පිහිටි ආබාධිත විරෝදාර රණවිරුවන් නේවාසිකව ප්‍රතිකාර ලබන ‘අභිමන්සල 3’ හි සංචාරයක නිරතවිය.
2020-05-16 23:36:25
53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත සේනාරත්න ඉකුත් සිකුරාදා (15) දින නිකවැව පිහිටි ගුවන් සංක්‍රමික පුහුණු පාසලේ සංචාරයක නිරතවිය. මෙම සංචාරය අතරතුර, සේනාංකාධිපතිතුමන් ගුවන් සංක්‍රමික පුහුණු පාසලේ රැෆලින් කුළුණක් ඉදිකිරීමට ආගමික වතාවත් මධ්‍යයේ...
2020-05-16 23:34:00
සන්නද්ධ හමුදා විසින් ඉටුකරනු ලබන කාර්යභාරය අගය කරමින්, කොළඹ පිහිටි ආදී ආනන්දීය බෞද්ධ සංගමය (OABA) විසින් සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ තොගයක් ඉකුත් සිකුරාදා (15) දින පනාගොඩ පිහිටි 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය වෙත පරිත්‍යාග කරන ලදී.
2020-05-16 23:33:48
කොළඹ යුද්ධ හමුදා රෝහලේ 3 වන අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර්නල් චම්පික අත්තනායක ඉකුත් බ්‍රහස්පතින්දා (14) දින එම රෝහල් පරිශ්‍රයේ පැවැති චාම් උත්සවයකදී රාජකාරි ආරම්භ කරන ලදී.
2020-05-16 23:31:37
පසුගියදා රාජකාරී ඇරඹු මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා ඉකුත් බ්‍රහස්පතින්දා (14) දින බදුල්ල ප්‍රදේශයේ පිහිටි 112 වන බලසේනා මුලස්ථානයේ ප්‍රථම නිල සංචාරය සිදුකරන ලදී.