2024-11-23 07:57:01
12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.ජේ.එස්.බී.ඩබ්ලිව්. . පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ අම්බලන්තොට මහා ආර කනිෂ්ඨ විද්‍යාලයේ දී පාසල් උකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 නොවැම්බර් මස 20 දින පවත්වන ලදී.
2024-11-23 07:56:50
ඉංජිනේරු සේවා බළකායේ බලකාධිපති ගේ මඟපෙන්වීම යටතේ 2024 නිලධාරීන්ගේ පුහුණු දිනය 2024 නොවැම්බර් මස 21 දින සාර්ථකව පවත්වන ලදී.
2024-11-22 08:04:01
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ‘B’ කාණ්ඩයේ T20 ක්‍රිකට් තරඟාවලිය - 2024, හි අනුශූරතාවය හිමිකර ගැනීමට යුද්ධ හමුදා ක්‍රීඩා සමාජය සමත් විය. මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 12ක් කාණ්ඩ දෙකක් යටතේ තරඟ වැදුණි.
2024-11-22 08:03:30
හිටපු ඉන්දීය සාමසාධක හමුදා නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් පිරිසක් 2024 නොවැම්බර් මස 16 සහ 17 දෙදින තුළ මුලතිව් ප්‍රදේශයේ පිහිටි 59 පාබල සේනාංක මූලස්ථානයේ සංචාරයක නිරතවූහ. මාහෝ ප්‍රදේශයේ ස්ථාපිත ඉන්දියානු පාබල පුහුණු පාසලේ අණදෙන නිලධාරි ලුතිනන් ජෙනරල් ගජේන්ද්ර ජෝෂි සහ හිටපු නියෝජ්‍ය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන ලුතිනන් ජෙනරල් සරත්චන්ද්‍ර (විශ්‍රාමික) මෙම සංචාරය සඳහා සහභාගී විය.
2024-11-22 07:59:46
11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම මත වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 නොවැම්බර් මස 18 දින පල්ලෙකැලේ පිහිටි 11 පාබල සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.
2024-11-22 07:57:40
56 පාබල සේනාංකය සහ ශ්‍රී ලංකා හදබිම අධිකාරිය එක්ව 2024 නොවැම්බර් මස 19 දින නැඳුන්කර්නි සහ පලිනගර් ප්‍රදේශයන්හි වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් 150 ක් වෙනුවෙන් කුකුළු පැටවුන්, එළවළු පැළ සහ ගොවි උපකරණ බෙදාදෙනු ලැබීය.
2024-11-21 07:55:54
යාපනය සහ කිලිනොච්චිය ප්‍රදේශයන්හි ජනතාව වෙනුවෙන් සිදුකරන ලද කීර්තිමත් සමාජ සේවය අගයමින් ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී වෙත උපහාර පිදීමේ උත්සවයක් 2024 නොවැම්බර් මස 19 දින යාපනය, වාලම්පුරි හෝටලයේ දී පවත්වනු ලැබීය.
2024-11-21 07:51:09
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 නොවැම්බර් මස 19 දින 2 බලඇණිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව සහ 2 (ස්වෙච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරතවිය.
2024-11-21 07:00:30
2 (ස්වෙච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් එම ඒකකය යටතේ සේවයේ නියුතු නිවාස අවශ්‍යතා සහිත ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් මැදවච්චිය, ලුණුපහිච්චාව ප්‍රදේශයේ නව නිවසක් ඉදිකරදෙනු ලැබීය. 2 (ස්වෙච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්ගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කරනු ලැබූ මෙම ව්‍යාපෘතිය සඳහා එම ඒකකයේ විශ්‍රාමික සහ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ මූල්‍ය අනුග්‍රාහකත්වය දැක්වූහ.
2024-11-20 12:27:50
යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී 2024 නොවැම්බර් මස 18 දින 4 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ නිල සංචාරයක නිරත විය.