Header

Sri Lanka Army

Defender of the Nation

21st November 2024 07:55:54 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය වෙත ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් සිදුකරන ලද සමාජ සේවය ඇගයීමට ලක්කරයි

යාපනය සහ කිලිනොච්චිය ප්‍රදේශයන්හි ජනතාව වෙනුවෙන් සිදුකරන ලද කීර්තිමත් සමාජ සේවය අගයමින් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී වෙත උපහාර පිදීමේ උත්සවයක් 2024 නොවැම්බර් මස 19 දින යාපනය, වාලම්පුරි හෝටලයේ දී පවත්වනු ලැබීය.

බෞද්ධ, හින්දු, මුස්ලිම් සහ කතෝලික යන පූජ්‍ය පක්‍ෂයේ ආගමික වතාවත්වලින් අනතුරුව ජාතික ගීය ගායනා කිරීම, සම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වීම, පිළිගැනීමේ කතාව සහ නර්තන ප්‍රසංගයකින් පසුව උත්සවයේ කටයුතු ආරම්භය කරනු ලැබීය.

එතුමන්ගේ සමාජ සේවයේ දායකත්වය සැමරීම සඳහා විශේෂයෙන් රචනා කරන ලද ගීතයක් ද එදින නිකුත් කරන ලදී. මෙම අවස්ථාවට සංස්කෘතික හා සාම්ප්‍රදායික නැටුම්, ගීත සහ සම්භාවනීය අමුත්තන්ගේ දේශනයන් මගින් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ප්‍රදේශයට කළ සේවය ගෙනහැර දැක්වීය. උත්සවයේ කටයුතු අවසන් කරමින් සිවිල්, ව්‍යාපාරික සහ රාජ්‍ය ප්‍රජාවන් විසින් එතුමන් වෙත සමරු තිළිණ ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නාගලිංගම් වේතානායහන් මහතා, ආගමික නායකයින්, රාජ්‍ය නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හමුදා සහ පොලිස් නිලධාරීන්, යාපනය සහ කිලිනොච්චි ප්‍රදේශයන්හි නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.