Header

Sri Lanka Army

Defender of the Nation

23rd November 2024 07:56:50 Hours

ඉංජිනේරු සේවා බළකා නිලධාරීන් සඳහා පුහුණු දින වැඩසටහනක්

ඉංජිනේරු සේවා බළකායේ බලකාධිපති ගේ මඟපෙන්වීම යටතේ 2024 නිලධාරීන්ගේ පුහුණු දිනය 2024 නොවැම්බර් මස 21 දින සාර්ථකව පවත්වන ලදී.

පුහුණු දිනය ආරම්භ කරමින් ශාරීරික අභ්‍යාස, පා සරඹ සහ අසි සරඹ පුහුණු වීම් සිදුකිරිමෙන් අනතුරුව, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එන්.ඩබ්ලිව්.පී.එස්.එම්. පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් “කාර්යාල කටයුතු සමඟ හමුදා ඇස්තමේන්තුව ඇතුළත් කරන්නේ කෙසේද” යන මැයෙන් දේශනයක් පවත්වන ලදී. එමගින් පරිපාලන කාර්යයන් සඳහා යුද නිරවද්‍යතාවය ඒකාබද්ධ කිරීම සඳහා ප්‍රායෝගික අවබෝධයක් ලබා දෙන ලදී.

දේශණයට සහභාගී වූවන් දිරිමත් කරමින් ආචාර්ය (ඉංජිනේරු) රනිල් ශානක සුගතදාස විසින් "අභිප්‍රේරණය" මැයෙන් ආකර්ශනීය දේශනයක් ද පවත්වමින් දිනයේ වැඩකටයුතු අවසන් කෙරිණි.

පුහුණු දිනය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහභාගි වූහ.