20th November 2024 12:27:50 Hours
යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී 2024 නොවැම්බර් මස 18 දින 4 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ නිල සංචාරයක නිරත විය.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව ඒකක අණදෙන නිළධාරීතුමන් විසින් එතුමන්ව උණුසුම් ලෙස පිළිගන්නා ලදී. නිල සංචාරය අතරතුරදී එතුමන් නවතමයෙන් ඉදිකරන ලද ඔස්මෝසිස් ප්‍රති ජල පිරිපහදුව විවෘත කළ අතර, අනතුරුව සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.
ඉන් අනතුරුව, එතුමන් භටපිරිස් අමතමින්, රෙජිමේන්තුවේ සංවර්ධනය සඳහා ඔවුන්ගේ දායකත්වය ඇගයීමට ලක්කළේය. පසුව, එතුමන් තේ පැන් සංග්‍රහයකට සහභාගී වෙමින් භටපිරිස් සමඟින් සුහඳව අදහස් හුවමාරුවක නිරත විය.
සංචාරය සමාප්තියේදී එතුමන් අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතෙහි සටහනක් ද තැබීය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගි වූහ.