2024-11-30 14:29:23
14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී
2024-11-30 14:28:54
Grand Kandyan හෝටල්
2024-11-30 14:28:18
2 සංඥා බලසේනාවේ අභිමානවත් 1 වන සංවත්සර දිනය වෙනුවෙන් එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වයි.එස්.පී. සුමනසිංහ ආර්එස්පී ගේ මඟපෙන්වීම මත 2024 ඔක්තෝබර් මස 30 දින සැමරුම් උත්සවයක් පැවැත්වීය.
2024-11-30 14:27:53
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී
2024-11-30 14:26:45
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හොරොව්පතාන, පරංගියාවාඩිය, යාන්ඔය ජලාශයේ ජලය මුදාහැරීම හේතුවෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වයට ප්‍රතිචාර දක්වමින් 5 (ස්වෙච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් 2024 නොවැම්බර් මස 28 දින ගංවතුර සහන සැලසීමේ කටයුතු ක්‍රියාත්මක කරනු ලැබීය.
2024-11-30 14:24:47
52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 522 පාබල බලසේනාවේ බලසේනාධිපති හා 1 බලඇණිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්ෂණය මත කොට්ටාන්කුලම් ප්‍රදේශයේ මාර්ගයේ ගමනාගමන කටයුතු සඳහා බාධා එල්ල කරමින් පැවති ගංවතුර තත්ත්වයට ප්‍රතිචාර දක්මින් 1 බලඇණිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් කඩිනමින් අලුත්වැඩියා කටයුතු සිදුකළහ. භටපිරිස් කඩිනමින් ක්‍රියාත්මක වී ගංවතුරෙන් අවතැන් වූවන්ට අත්‍යාවශ්‍ය සහන සේවා සැපයීම තුළින් ඔවුන්ගේ දුෂ්කරතාවයන් අවම කරගැනීමට හැකිවිය./p>
2024-11-30 14:22:53
පාලිනගර්, සිවපුරම් ප්‍රදේශයේ පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් 2024 නොවැම්බර් මස 27 දින අවතැන් වූ පවුලක් බේරාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුවනෙක නෞකාවේ සහයෝගය මත 10 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් කටයුතු කරනු ලැබීය.
2024-11-30 14:20:31
52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ මඟපෙන්වීම මත 10 (ස්වෙච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් 2024 නොවැම්බර් 29 වන දින පේදුරුතුඩුව - වෙට්ටාලෙයිකර්නි මාර්ගයේ පාලමක් ප්‍රතිසංස්කරණය කරන ලදී.
2024-11-30 14:18:46
562 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මගපෙන්වීම සහ 12 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්ෂණය මත එම ඒකකයේ භටපිරිස් විසින් 2024 නොවැම්බර් මස 28 දින උතුරු මැද පළාතේ වවුනියාව, කල්මඩු ජලාශයේ වාන් බැම්ම අසල ප්‍රබල දිය පහරකට හසුව ගසාගෙන ගොස් සිටි පුද්ගලයෙකු බේරාගැනීමට කටයුතු කළහ.
2024-11-30 14:16:42
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගමනාගමන කටයුතු සඳහා බාධා එල්ල වී පැවති තන්තිරිමලය සහ ගජසිංහපුර ප්‍රධාන මාර්ගය 2024 නොවැම්බර් මස 28 දින 5 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් පිරිසිදු කරන ලදී.