Header

Sri Lanka Army

Defender of the Nation

30th November 2024 14:22:53 Hours

10 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ මූලිකත්වයෙන් ගංවතුරින් අවතැන් වූ පවුලක් මුදවාගැනේ

පාලිනගර්, සිවපුරම් ප්‍රදේශයේ පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් 2024 නොවැම්බර් මස 27 දින අවතැන් වූ පවුලක් බේරාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුවනෙක නෞකාවේ සහයෝගය මත 10 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් කටයුතු කරනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීමත් 56 සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ අධික්‍ෂණයත් සමඟින් 561 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ නායකත්වය තුළින් මෙම මුදවා ගැනීමේ මෙහෙයුම 10 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරිතුමන් විසින් ක්‍රියාත්මක කරනු ලැබීය.