Header

Sri Lanka Army

Defender of the Nation

30th November 2024 14:27:53 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි ගංවතුරින් බලපෑමට ලක් වූ ප්‍රදේශවයන්හි නිරීක්‍ෂණ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 නොවැම්බර් මස 29 දින මුලතිව් ප්‍රදේශයේ ස්ථාපිත 59 පාබල සේනාංක බලප්‍රදේශයේ ගංවතුරින් බලපෑමට ලක් වූ ප්‍රදේශවයන්හි නිරීක්‍ෂණ සංචාරයක නිරතවිය.

රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය මත භටපිරිස් විසින් ක්‍රියාත්මක කරනු ලබන සහන සේවා වැඩසටහන් සහ සහනාධාර සැපයීමේ වැඩසටහන් පිළිබඳ සොයාබැලීමේ අරමුණින් මෙම සංචාරය සිදුකෙරිණි.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බාධා එල්ල වූ වාද්දුවකල් මුහුදු තීරයේ මාර්ගයේ ගමනාගමන කටයුතු සිදුකිරීමේ හැකියාව පිළිබඳව මෙම සංචාරයේදී සොයාබැලිණි. මීට අමතරව, ඔහු කොක්කිලායි රජයේ දමිළ මිශ්‍ර පාසලේ ස්ථාපිත කර ඇති රැඳවුම් මධ්‍යස්ථානය වෙත යනු ලැබූ එතුමන් ගංවතුරින් අවතැන් වූ ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ සුවදුක් විමසා බැලීය.