Header

Sri Lanka Army

Defender of the Nation

30th November 2024 14:28:18 Hours

2 සංඥා බලසේනාවේ 1 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

2 සංඥා බලසේනාවේ අභිමානවත් 1 වන සංවත්සර දිනය වෙනුවෙන් එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වයි.එස්.පී. සුමනසිංහ ආර්එස්පී ගේ මඟපෙන්වීම මත 2024 ඔක්තෝබර් මස 30 දින සැමරුම් උත්සවයක් පැවැත්වීය.

සංවත්සර සැමරුම වෙනුවෙන් 2024 ඔක්තෝම්බර් මස 29 දින ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීමෙන් අනතුරුව පාදුක්ක කහවල ප්‍රදේශයේ පිහිටි ‘මන්දුල පියස’ ළමා නිවාසයේ නේවාසික ළමුන් වෙනුවෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමීය. එහිදී, ළමුන් හට තේ පැන් සංග්‍රහයක් සහ විනෝදාස්වාද වැඩසටහනක් ද පැවැත්වීය.

සංවත්සර දිනයේදී, බලසේනා මූලස්ථානය වෙත සපැමිණි බලසේනාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. ඉන් අනතුරුව, එතුමන්ගේ සුරතින් නව නාමපුවරුව නිරාවරණය කර කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. පසුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ බලසේනාධිපතිතුමන් සියලු නිල දිවා භෝජන සංග්‍රහයකට ද සහභාගී විය. එම අවස්ථාවේදී, සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ සුවිශේෂී සේවය ඇගයීමට ලක්කෙරිණි.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් දිවංගත රණවිරුවන්ට පිං අනුමෝදන් කිරීම සහ සේවයේ නියුතු භටපිරිස් වෙත ආශිර්වාද එක්කිරීම සඳහා බෝධි පූජාවක් පැවැත්විණි. 2024 නොවැම්බර් මස 4 දින පාදුක්ක ප්‍රදේශයේ පිහිටි ‘මර්කරි ක්ලබ් හවුස්’ පරිශ්‍රයේදී සියලු නිල සුහද හමුවක් පැවැත්වූ අතර එම අවස්ථාවේදී එම බලසේනාව යටතේ සේවය කළ සාමාජිකයන් වෙත ත්‍යාග ද ප්‍රදානය කරන ලදී.