2021-11-21 11:40:58
අතිගරු ජනාධිපතිතුමන්ගේ දෙවන පදවි ප්‍රාප්තියට සමගාමීව සංඝගත දක්ෂිණාවක් අභිනවයෙන් ඉදිකර චාරිත්‍රානුකූලව නිරාවරණය කළ ‘සඳහිරු සෑ රදුන්’ අභිමුවදී අද (19) දින මධ්‍යහනේ පැවැත්විණි...
2021-11-21 09:40:58
පසුගිය දා ස්ථාපිත කළ යුද්ධ හමුදා 1 වන බලකායේ භටපිරිස් විසින් එම බලකායේ ධජයට සහ 1 වන බලකායට ආශිර්වාද එක් කිරීමේ අරමුණින් ඔක්තෝබර් මස 17 සහ 18 දෙදින තුළ අනුරාධපුර, රුවන්වැලි මහා සෑය, ශ්‍රී මහ බෝධිය සහ මිරිසවැටිය පුදබිම් වලදී ආගමික වතාවත් පැවැත්වූහ.
2021-11-21 08:40:58
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත බස්නාහිර පළාතේ පදිංචි වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් වෙනුවෙන් තෙවන එන්නත් මාත්‍රාව ලබාදීම පසුගිය බදාදා (17) දින පනාගොඩ...
2021-11-21 06:40:58
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා ඉකුත් අඟහරුවාදා (16) දින බුත්තල පිහිටි නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සහ 121 වන බලසේනා මුලස්ථානයේ සංචාරයක නිරත විය. එම සංචාරය සඳහා 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක ද එක්විය.
2021-11-20 09:57:06
වාලච්චේනෙයි මහින්ද්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් වාර්ෂික ‘කඨින’ පිංකම නොවැම්බර් මස 13 සහ 14 යන දෙදින පුරා පැවැති අතර ඒ සඳහා ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 6 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ.
2021-11-19 19:48:04
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් දියත් කරනු ලබන ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින්ට සමගාමීව පලෙයිප්පනි දමිළ විද්‍යාලය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරන ලදී. ප්රදේශවාශීන්ගේ ඉල්ලීමකට අනුව 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ. සමරසිරි...
2021-11-19 19:42:32
ගංවතුර, ස්වභාවික ව්‍යසන හෝ ආපදා සම්බන්ධ ඕනෑම හදිසි අභියෝගයකට මුහුණදීමට පැය විසිහතර පුරාම සුදානම්ව සිටින යුද්ධ හමුදා භටපිරිස් ආපදා කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීම සහ පුහුණු වැඩමුළු පැවැත්වීම අඛණ්ඩව සිදුකරනු ලබයි.
2021-11-19 16:22:54
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 641 සහ 642 වන බලසේනා මුලස්ථානවල සම්බන්ධිකරණයෙන් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පාසල් තුනක ජල පිරිපහදු ඒකක ස්ථාපිත කරන ලදී. ඒ අනුව, කුලමුරිප්පු රජයේ දමිළ පාසල, කරිපඩ්ඩමුරිප්පු රජයේ දමිළ මිශ්‍ර පාසල සහ පලම්පාසි රජයේ දමිළ මිශ්‍ර පාසල තුල ජල පිරිපහදු...
2021-11-19 16:19:15
රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේතුමාගේ මුල්‍යමය අනුග්‍රාහකත්වය ඇතිව මොණරාගල, වෙල්ලස්ස ග්‍රාම නිලධාරි වසමේ පදිංචි අඩු ආදායම්ලාභි වයි.එම්. ජයරත්න මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් වෙනුවෙන් ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 121 වන බලසේනාවේ...
2021-11-19 15:07:05
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනාවේ භටපිරිස් විසින් මඩකලපුව, වාකරේ මහා විද්‍යාල පරිශ්‍රය සහ පන්ති කාමර පිරිසිදු කිරීමේ ‘ශ්‍රමදාන’ වැඩසටහනක් පසුගියදා දියත් කරන ලදී. 233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වසන්ත හේවගේ ලබාදුන් උපදෙස් මත පැවැති මෙම ශ්‍රමදාන...