Header

Sri Lanka Army

Defender of the Nation

21st November 2021 08:40:58 Hours

පනාගොඩ පිහිටි බෝධිරාජාරාම විහාරස්ථානයේදී වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට තෙවන මාත්‍රාව ලබාදෙයි

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත බස්නාහිර පළාතේ පදිංචි වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් වෙනුවෙන් තෙවන එන්නත් මාත්‍රාව ලබාදීම පසුගිය බදාදා (17) දින පනාගොඩ බෝධිරාජාරාම විහාරස්ථානයේදී ආරම්භ කෙරිණි.

රජය විසින් ක්‍රියාත්මක කරන එන්නත්කරණ වැඩසටහනට සමගාමීව පළමු සහ දෙවන මාත්‍රාවන් ලබාගත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට තෙවන මාත්‍රාව ලබාදීමේ ජාතික එන්නත්කරණ වැඩසටහන ආරම්භ කිරීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ අධීක්‍ෂණය යටතේ මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.