2021-11-24 17:45:44
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 682 වන බලසේනාව යටතේ පාලනය වන 6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් ගංවතුරෙන් විපතට පත් වූ පවුල් ආරක්ෂිත ස්ථානයන් වෙත රැගෙන ගොස් ඔවුන්ට අවශ්‍ය ආහාරපාන ලබාදී ගංවතුර තත්ත්වය පහවයෑමෙන් අනතුරුව නැවත ඔවුන්ගේ නිවෙස් වෙත යාම සඳහා සහන සලසනු ලැබීය.
2021-11-24 17:36:44
2020 මැයි මාසයේදී අකුණු සැර වැදීමෙන් හානියට පත් වාද්දූව ශුද්ධෝත්තම දේවස්ථානය යුද්ධ හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව කොළඹ අගරදගුරු අතිඋතුම් කාදිනල් (ආචාර්ය) මැල්කම් රංජිත් පියතුමන්ගේ සුරතින් පසුගිය අඟහරුවාදා (23) දින සන්ධ්‍යාවේ විවෘත කරන ලදී.
2021-11-24 14:59:35
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්, බුද්ධි අංශ නිලධාරින් සහ පොලිස් නිලධාරින් සමඟ එක්ව පසුගිය සඳුදා (22) දින ඇතිලිවැව, තෙළුල්ල ප්‍රදේශයේ අක්කරයක පමණ භූමි ප්‍රමාණයක වගාකර තිබූ ගංජා වගාවක් වටලන ලදී. එම භූමියේ වගාකර තිබූ උස අඩි 4 ත් 6 ත් ප්‍රමාණයේ...
2021-11-24 14:57:49
යුද්ධ හමුදා මුලස්ථානයේ විධායක ජෙනරල් මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල පසුගියදා විධායක ජෙනරල් ශාඛාව යටතේ පාලනය වන අංශ ආයතන කිහිපයක සංචාරය කළේය. ප්‍රථමයෙන්, හේකිත්ත ප්‍රදේශයේ පිහිටි පුනරුත්ථාපන අධ්යක්ෂ මණ්ඩලය යටතේ පාලනය වන රණවිරු සම්පත් කේන්ද්‍රයේ සංචාරයක නිරත වු විධායක ජෙනරල් මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල...
2021-11-24 14:55:49
කාබනික පොහොර නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරිමේ රාජ්‍ය ප්‍රතිපත්තියට සහයෝගය දක්වමින් 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ භටපිරිස් ක්‍රියාත්මක කළ කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියට සමගාමීව එම බලකායේ භටපිරිස් පසුගිය සඳුදා (22) දින ඇල්ල - කන්තලේ ප්‍රදේශයේ දී සම්ප්‍රදායික වත් පිළිවෙත් වලට අනුකූලව කුඹුරු යායක් අස්වැද්දීමේ ව්‍යාපෘතියක්...
2021-11-24 14:54:49
ප්‍රදේශය පුරා සීඝ්රයෙන් පැතිරයන ඩෙංගු වෛරසය මැඩපැවැත්වීමේ අරමුණින් 54 වන සේනාංකය යටතේ ස්ථාපිත 542 වන බලසේනාවට අයත් 8 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 15 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් එක්ව මුරුන්කන් මහා විද්‍යාලය සහ ඒ අවට ප්‍රදේශය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ඉකුත් ඉරිදා (21) දින දියත් කරන ලදී.
2021-11-24 14:54:20
පසුගිය දිනවල ඇඳහැළුණු ධාරාණිපාත වර්ෂාපතනයත් සමඟ ඩෙංගු රෝගය පැතිරයාමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය බලධාරීන් විසින් මහජනතාව වෙත අනතුරු ඇඟවීමෙන් අනතුරුව සෙල්වපුරම් සහ කෝපායි ගම්මානවල ජනාකීර්ණ ප්‍රදේශවල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ඉකුත් අඟහරුවාදා (23) දින...
2021-11-24 14:53:50
මුලන්කාවිල් රෝහල් පරිශ්‍රය තුළ ඩෙංගු රෝගය පැතිරයාම වැළැක්වීමේ අරමුණින් රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ඉකුත් සඳුදා (22) දින ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් දියත් කරන ලදී.
2021-11-24 14:53:41
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 513 වන බලසේනාවේ භටපිරිස් කීරමලේ ප්‍රදේශයේ පදිංචි ගර්භනී කාන්තාවන් 40 දෙනෙකු වෙනුවෙන් පෝෂ්‍යදායි ආහාර, ළමා ඇඳුම් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු ත්‍යාග පාර්සල් තොගයක් පසුගිය සෙනසුරාදා (20) දින පරිත්‍යාග කරන ලදී...
2021-11-23 17:29:45
ආරක්ෂක අමාත්‍යාංශයේ ආරාධනයකට අනුව රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පට්රුෂෙව් මහතා (Nikolai Patrushev) තෙදින නිල සංචාරයක් සඳහා අද (22) දින පෙරවරුවේ දිවයිනට පැමිණියේය. ගුවන් තොටුපලේදී ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ...