Header

Sri Lanka Army

Defender of the Nation

24th November 2021 17:45:44 Hours

6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් ගංවතුරෙන් විපතට පත්වූවන්ට සහන සලසයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 682 වන බලසේනාව යටතේ පාලනය වන 6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් ගංවතුරෙන් විපතට පත් වූ පවුල් ආරක්‍ෂිත ස්ථානයන් වෙත රැගෙන ගොස් ඔවුන්ට අවශ්‍ය ආහාරපාන ලබාදී ගංවතුර තත්ත්වය පහවයෑමෙන් අනතුරුව නැවත ඔවුන්ගේ නිවෙස් වෙත යාම සඳහා සහන සලසනු ලැබීය.

මෙම වැඩසටහන 6 වන ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයට අයත් භටපිරිස් විසින් ක්‍රියාත්මක කරන ලදී.