24th November 2021 14:59:35 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්, බුද්ධි අංශ නිලධාරින් සහ පොලිස් නිලධාරින් සමඟ එක්ව පසුගිය සඳුදා (22) දින ඇතිලිවැව, තෙළුල්ල ප්‍රදේශයේ අක්කරයක පමණ භූමි ප්‍රමාණයක වගාකර තිබූ ගංජා වගාවක් වටලන ලදී.
එම භූමියේ වගාකර තිබූ උස අඩි 4 ත් 6 ත් ප්‍රමාණයේ ගංජා පැළ 20,255 ක් සම්පූර්ණයෙන් ගලවා එම ගංජා පැළ තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා කුඩාඔය පොලිස් ස්ථානය වෙත භාරදෙන ලදී. කෙසේ වෙතත්, මෙම වැටලීමේදී කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.
12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක ගේ උපදෙස් මත 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ගේ අධීක්‍ෂණය යටතේ මෙම මෙහෙයුම යුද්ධ හමුදා භටපිරිස් විසින් ක්‍රියාත්මක කරන ලදී.