2024-12-25 20:49:54
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ 11 වන බලකාධිපති ලෙස භඨකාර්ය සම්පාදක අණසක ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ටී.ඒ. පීරිස් පීටීඑස්සී, 2024 දෙසැම්බර් මස 10 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ධූරයේ රාජකාරි භාර ගත්තේය.
2024-12-25 17:25:07
පසුගිය දා ධූරයේ රාජකාරි කටයුතු භාරගත් ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2024 දෙසැම්බර් මස 23 දින උතුරු පළාත් ප්‍රධාන ලේකම් එල්. ඉලංගෝවන් මහතා, උතුරු පළාත් ආණ්ඩුකාර ගරු නාගලිංගම් වේදනායහන් මහතා, යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. ප්‍රදීපන් මහතා සහ සහ යාපනයේ රදගුරු ජස්ටින් බර්නාඩ් ඥානප්‍රගාසම් පියතුමන් හමුවිය.
2024-12-25 17:24:55
10 (ස්වේච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් දෙසැම්බර් මස 23 දින J/433, මුල්ලියන් ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ තෝරාගනු ලැබූ අඩු ආදායම්ලාභී පවුල් පහක් වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදී.
2024-12-25 17:24:50
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් අයි.එච්.එම්.ආර්.කේ. හේරත් යූඑස්පී එන්ඩීසී පීඑස්සී, 2024 දෙසැම්බර් මස 22 දින 7 ශ්‍රී ලංකා සංඥා බලකායේ නිල සංචාරයක නිරත විය.
2024-12-25 17:20:46
513 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඊ.එම්.එල්.පී ඒකනායක යූඑස්පී ගේ උපදෙස් මත එම බලසේනාවේ මූලිකත්වයෙන් යාපනය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලද අතර, එහිදී පාසල් සිසුන් සඳහා බයිසිකල් 50 ක්, වැඩිහිටි කාන්තාවන් සඳහා වියළි ආහර සලාක පාර්සල් 25 ක් සහ ගර්භනී මව්වරුන් සඳහා පෝෂ්‍යදායී ආහර සලාක පාර්සල් 25 ක් බෙදා දෙන ලදී.
2024-12-24 13:25:25
ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනය සහ යුද්ධ හමුදා නීති සේවා සහ මානව හිමිකම් හා මානුෂවාදී නීති අධ්යක්ෂ මණ්ඩලය එක්ව පවත්වනු ලැබූ , මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂවාදී නීතිය පිළිබඳ උසස් පාඨමාලා - අංක 29 (සෙසුනිල), 2024 දෙසැම්බර් මස 23 දින සාර්ථකව අවසන් කළේය.
2024-12-24 13:24:41
යාපනය ප්‍රදේශයේ පිහිටි හින්දු විද්‍යාලය, වවුනියාව දමිළ මධ්‍ය මහා විද්‍යාලය සහ පුනානි රිදීතැන්න ඉක්රා විද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන් වෙනුවෙන් 2024 දෙසැම්බර් මස 19 දින අඹේපුස්ස ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී නායකත්ව ප්‍රවර්ධන වැඩසටහනක් පවත්වන ලදී. යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
2024-12-24 13:20:41
231 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් දිඹුලාගල, කළුකැලේ විජය පරාක්‍රම කනිෂ්ඨ විද්‍යාලයේ සිසු සිසුවියන් 233 දෙනෙකු වෙත පාසල් ලිපිද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 21 දින පවත්වන ලදී.
2024-12-23 16:15:05
යුද්ධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.එස්. දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අභිමානවත් 69 වන සංවත්සර දිනය වෙනුවෙන් 2024 දෙසැම්බර් මස 15 දින රොක් හවුස් කඳවුරු පරිශ්‍රයේදී සැමරුම් උත්සවයක් පැවැත්විණි.
2024-12-23 12:30:43
කිලිනොච්චි ප්‍රදේශයේ පිහිටි 55 පාබල සේනාංකයේ අභිමානවත් 28 වන සංවත්සර දිනය වෙනුවෙන් 2024 දෙසැම්බර් මස 20 දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී සැමරුම් උත්සවයක් පැවැත්වීය.