25th December 2024 17:24:50 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් අයි.එච්.එම්.ආර්.කේ. හේරත් යූඑස්පී එන්ඩීසී පීඑස්සී, 2024 දෙසැම්බර් මස 22 දින 7 ශ්‍රී ලංකා සංඥා බලකායේ නිල සංචාරයක නිරත විය.
ඒකක මූලස්ථානය වෙත සපැමිණි බලකාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව 7 ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි මේජර් එම්.ඒ.එස්.එස්. මුතුගොඩ යූඑස්පී පීඑස්සී විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කළ බලකාධිපතිතුමන් සමූහ ඡායාරූපයකට ද පෙනීසිටියේය.
අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ බලකාධිපතිතුමන් සියළු නිල තේ පැන් සංග්‍රහයකට ද සහභාගී විය. සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය. මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.