24th December 2024 13:24:41 Hours
යාපනය ප්‍රදේශයේ පිහිටි හින්දු විද්‍යාලය, වවුනියාව දමිළ මධ්‍ය මහා විද්‍යාලය සහ පුනානි රිදීතැන්න ඉක්රා විද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන් වෙනුවෙන් 2024 දෙසැම්බර් මස 19 දින අඹේපුස්ස ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී නායකත්ව ප්‍රවර්ධන වැඩසටහනක් පවත්වන ලදී. යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
නායකත්ව කුසලතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පවත්වනු ලැබූ මෙම වැඩසටහන සඳහා පාසල් සිසු සිසුවියන් 68 දෙනෙක් සහ ගුරු භවතුන් 05 දෙනෙකු සහභාගී වූහ. දේශන සහ කණ්ඩායම් ක්‍රියාවන් වැනි විවිධ ක්‍රියාකාරකම් සමඟින් මෙම වැඩසටහන පැවැත්විණි.
මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, සිසු සිසුවියන් සහ ගුරු භවතුන් පිරිසක් සහභාගී වූහ.