2023-05-04 18:59:32
‘ආදර්ශයෙන් පෙරමුණ ගනිමු’ තේමා පාඨය කොටගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අභිමානවත් 33 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් 2023 අප්‍රේල් මස 19 සිට 28 දින දක්වා කාලය තුළ පොල්හේන්ගොඩ ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සංවත්සර ව්‍යාපෘති මාලාවක් ක්‍රියාත්මක කෙරිණි.
2023-05-04 18:56:11
ප්‍රධාන සංඥා නිලධාරී සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස් රත්නායක එන්ඩීයූ සිය ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව පසුගිය සිකුරාදා (අප්‍රේල් මස 28) දින දියතලාව ප්‍රදේශයේ පිහිටි 7 ශ්‍රී ලංකා සංඥා බලකායේ සිය ප්‍රථම නිල සංචාරයේ නිරතවිය.
2023-05-04 18:49:18
1 බලකාය යටතේ ස්ථාපිත 53 පාබල සේනාංකයට අයත් ගුවන් සංග්‍රාමික බලසේනාවේ 29 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් අප්‍රේල් මස 29 සිට මැයි මස 01 දින දක්වා සැමරුම් උත්සවයක් පැවැත්වීය.
2023-05-01 20:40:39
යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී පසුගිය බ්‍රහස්පතින්දා (අප්‍රේල් මස 27) දින ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර පරිපාලන හා සුබසාධන කටයුතු, ක්‍රියාකාරී අංශයන් සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි සේවයේ නියුතු භටපිරිස් පිළිබඳ දැනුවත්වීමේ අරමුණින් එම මූලස්ථානයේ නිල සංචාරයක නිරත වූවේය.
2023-04-29 21:25:10
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්ෂාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී 2023 අප්‍රේල් මස 24 දින ගල්කුලම ප්‍රදේශයේ පිහිටි 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා මූලස්ථානයේ සිය ප්‍රථම නිල සංචාරයේ නිරතවිය.
2023-04-29 21:20:10
කොළඹ පිහිටි පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් මොහොමඩ් සෆ්දාර් ඛාන් (Colonel Mohammed Safdar Khan) බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයේ විෂය මාලාව පිළිබඳ යාවත්කාලීනයන් ලබාගැනීමේ අරමුණින් පසුගිය අඟහරුවාදා (25) දින එම විද්‍යාලයේ නිල සංචාරයක නිරතවිය.
2023-04-28 18:58:18
පාන්ගොල්ල ප්‍රදේශයේ පිහිටි ‘අභිමංසල – 3’ සුවතා නිකේතනයේ අභිමානවත් 9 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් ආගමික වතාවත් මධ්‍යයේ කෙටි සැමරුම් උත්සවයක් පැවැත්විණි.
2023-04-27 18:55:29
විදේශ මෙහෙයුම් අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් පී.පී.ඒ පෙරේරා එච්ඩීඑම්සී පීඑස්සී කුකුළේගඟ පිහිටි ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් සී.ඒ. රාජපක්ෂ ආර්එස්පී ගේ ආරාධනයකට අනුව පුහුණු ක්‍රමවේදයන් සහ යුද්ධ හමුදා සාමාජිකයන්ගේ පරිපාලන කටයුතු පිළිබඳ සොයාබැලීමේ අරමුණින් පසුගිය සඳුදා (අප්‍රේල් මස24) දින එම පුහුණු ආයතනයේ සංචාරයක නිරත වූවේය.
2023-04-27 18:15:29
කලාඔය ප්‍රදේශයේ ස්ථාපිත යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නව සේනාවිධායක ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් එච්.වී.ඒ සෝමවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පසුගිය සඳුදා (අප්‍රේල් මස 24) දින ආගමික වතාවත් හා හමුදා සම්ප්‍රදායානුකූලව නව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
2023-04-26 18:06:49
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් බලප්‍රදේශයේ මෙහෙයුම් කටයුතු වල පහසුව සඳහා කාන්තා සෙබළියන්ගේ දායකත්වයෙන් ‘ක්ෂණික විහිදුම් කාන්තා යතුරුපැදි කණ්ඩය’ ලෙස කාන්තා යතුරුපැදි කණ්ඩායමක් පසුගියදා ආරම්භ කරනු ලැබීය.