Header

Sri Lanka Army

Defender of the Nation

29th April 2023 21:20:10 Hours

පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සංචාරයක

කොළඹ පිහිටි පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් මොහොමඩ් සෆ්දාර් ඛාන් (Colonel Mohammed Safdar Khan) බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයේ විෂය මාලාව පිළිබඳ යාවත්කාලීනයන් ලබාගැනීමේ අරමුණින් පසුගිය අඟහරුවාදා (25) දින එම විද්‍යාලයේ නිල සංචාරයක නිරතවිය.

එම විද්‍යාලය වෙත සපැමිණි පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකතුමන් යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

මෙම සුහද හමුවේදී, ශ්‍රී ලංකාවේ සහ පාකිස්ථාන යුද්ධ හමුදාවන්හි මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන්ගේ පුහුණු ක්‍රමවේදයන් සබැඳිව මෙන්ම හමුදා සාමාජිකයින්ගේ හමුදා අධ්‍යාපනය සහ වෘත්තීය සංවර්ධන අපේක්‍ෂාවන් තවදුරටත් වැඩිදියුණු කිරීම පිළිබඳව ද අදහස් හුවමාරු කරගැනිණි.

ඉදිරියේදී පකිස්තානු යුද්ධ හමුදාවේ ඉහළ පෙළ නිලධාරින් සමඟ සාකච්ඡා කර යුද්ධ හමුදා යුද විද්‍යාලයේ පුහුණු වැඩසටහන් සඳහා උපරිම සහයෝගය ලබාදෙන බවට කර්නල් මොහොමඩ් සෆ්දාර් ඛාන් මෙහිදී ප්‍රකාශ කළේය.

පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකතුමන් යුද්ධ හමුදා යුද විද්‍යාලයේ ආරක්‍ෂක අධ්‍යයන අංශය වෙත ගොස් එම විද්‍යාලයේ ප්‍රධාන උපදේශක, ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනිමින් හමුදා අධ්‍යයනයන්හි පුහුණු ක්‍රමවේදයන් සහ විනය පිළිබඳ සාකච්ඡා කළේය.

සංචාරය සමාප්තියේ යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායකතුමන් පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකතුමන්ගේ සංචාරය සනිටුහන් කරමින් එතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළේය. එතුමන් විද්‍යාල පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම එම විද්‍යාලයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබුවේය.