Header

Sri Lanka Army

Defender of the Nation

27th April 2023 18:55:29 Hours

විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ ජෙනරාල්, ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සංචාරයක

විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් පී.පී.ඒ පෙරේරා එච්ඩීඑම්සී පීඑස්සී කුකුළේගඟ පිහිටි ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් සී.ඒ. රාජපක්‍ෂ ආර්එස්පී ගේ ආරාධනයකට අනුව පුහුණු ක්‍රමවේදයන් සහ යුද්ධ හමුදා සාමාජිකයන්ගේ පරිපාලන කටයුතු පිළිබඳ සොයාබැලීමේ අරමුණින් පසුගිය සඳුදා (අප්‍රේල් මස24) දින එම පුහුණු ආයතනයේ සංචාරයක නිරත වූවේය.

එම පුහුණු ආයතනය වෙත සපැමිණී මේජර් ජෙනරල් පී.පී.ඒ පෙරේරා එච්ඩීඑම්සී පීඑස්සී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායකතුමන් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙම සංචාරය සනිටුහන් කරමින් පුහුණු ආයතන පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ ජෙනරාල් එම ආයතන පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවක ද නිරත වූවේය. එදිනම පුහුණු ආයතන පරිශ්‍රයේදී ආරම්භ වූ දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලයේ දෙවන මට්ටමේ රෝහල් තුළ රාජකාරි සඳහා යැවීමට ප්‍රථම සිදුකරනු ලබන පුහුණු පාඨමාලා අදියර - 10 සඳහා භටපිරිස් වෙනුවෙන් ආරම්භක දේශනය ද එතුමන් විසින් සිදුකරනු ලැබීය.

ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතන පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම මේජර් ජෙනරල් පී.පී.ඒ පෙරේරා එච්ඩීඑම්සී පීඑස්සී එම පුහුණු ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ භටපිරිස් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.