2023-05-22 21:44:07
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සෙනසුරාදා (මැයි මස 20) දින උදෑසන සඳ හිරු සෑ පරිශ්‍රයේ පැවැත්වුණු රණවිරු සැමරුම් උත්සවයට සහභාගිවීමට පැය කිහිපයකට ප්‍රථම රුවන්වැලි මහා සෑය වෙත ගොස් එම පුදබිමේ විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබාගත්හ.
2023-05-22 17:00:57
නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එල් ඉලංගකෝන් වෙත ගෞරවාචාර පුද කිරීමේ උත්සවයක් ඉකුත් බ්‍රහස්පතින්දා (මැයි 18) දින පොල්හේන්ගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී සංවිධානය කරන ලදී.
2023-05-22 16:10:03
පසුගිය දා සිය ධූරයේ රාජකාරි අරම්භ කළ විනයාරක්ෂාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී ගිරිතලේ ප්‍රදේශයේ ස්ථාපිත යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලේ සහ 2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නිල සංචාරයක නිරත වියත
2023-05-22 16:00:03
විශ්‍රාම දිවියට පා තැබීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක සහ ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් මේජර් ජෙනරල් ඒ.එල්. ඉලංගකෝන් 5 සහ 6 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා ඒකකයන්හි සංචාරයක නිරත වූවේය.
2023-05-21 09:24:20
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ රණවිරු අනුස්මරණ දින පණිවිඩයක් නිකුත් කරමින් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය තුරන් කර සියලු ශ්‍රී ලාංකික ජනතාවට සාමයෙන් සහ සහජීවනයෙන් ජීවත්විය හැකි වාතාවරණයක් උදාකරදුන් වීරෝදාර රණවිරුවන් වෙත සිය උපහාරය පුදකරයි. එතුමන් විසින් නිකුත් කළ රණවිරු අනුස්මරණ දින පණිවිඩය පහතින් දැක්වේ:
2023-05-19 19:40:09
වැටුප් හා ලේඛන අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කර්නල් එන්.ඒ.එස්.සී. පෙරේරා මැයි මස 17 දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ ස්ථාපිත සිය කාර්යාලයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගත්තේය.
2023-05-18 22:29:55
රණවිරු සේවා අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ඩී.සී.සී.ඩී.ආර් වෛද්‍යසේකර ආර්එස්පී පසුගිය සඳුදා (මැයි මස 8) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේ පැවති කෙටි උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
2023-05-18 22:26:43
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්. ටී. කේ. ආර්. සිල්වා කේඑස්පී පසුගිය බදාදා (මැයි මස 10) දින පනාගොඩ පිහිටි 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා කඳවුරේ පරිපාලන ක්‍රියා පටිපාටි නිරීක්ෂණය කිරීමේ අරමුණින් එම ඒකකයේ සංචාරයක නිරත විය.
2023-05-17 20:59:27
යුද්ධ හමුදා මුලස්ථානයේ වෛද්‍ය සේවා උපර්ජන අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස කර්නල් එස්.එල්.එස් කුමාරගේ යූඑස්පී පසුගිය බ්‍රහස්පතින්දා (04) දින පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගන්නා ලදී.
2023-05-17 06:50:45
1 වන ලංකා පාබල රෙජිමේන්තුවේ වර්ෂ 1955 සිට 1967 දක්වා කාලය කුල සේවය කළ විශ්‍රාමික සාමාන්‍ය සෙබළ වේළුපිල්ලේ අමරනාදන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුගිය ඉරිදා (14) දින කොඩිකාමම්, කුඩමියන් සුසාන භූමියේදී යුද්ධ හමුදා සාමාජිකයින් සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් සිදුකරනු ලැබීය.