Header

Sri Lanka Army

Defender of the Nation

22nd May 2023 16:10:03 Hours

නව විනයාරක්‍ෂාධිපතිතුමන් කඳවුරු සංචාරයක නිරත වෙයි

පසුගිය දා සිය ධූරයේ රාජකාරි අරම්භ කළ විනයාරක්‍ෂාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී ගිරිතලේ ප්‍රදේශයේ ස්ථාපිත යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලේ සහ 2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නිල සංචාරයක නිරත වියත

යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසල වෙත සපැමිණි විනයාරක්‍ෂාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ආර්.එම්.කේ.ඒ.එස්. රාජනායක විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, භටපිරිස් ඇමතූ මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යුද්ධ හමුදා පුහුණුවේ වැදගත්කම, යුද්ධ හමුදා සාමාජිකයන්ගේ විනය පවත්වාගැනීම සහ එය පුද්ගලික ජීවිතයට වැදගත් වන ආකාරය පිළිබඳ පැහැදිළි කළේය.

සංචාරය සමාප්තියේ, යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලේ ප්‍රථම නිල සංචාරය සනිටුහන් කරමින් එතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය. මෙම සංචාරය අතරතුර මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා එම පුහුණු පාසල් පරිශ්‍රය සහ එහි යටිතල පහසුකම් පිළිබඳ නිරීක්‍ෂණය කළ අතර තවදුරටත් සිදුකළ යුතු වැඩිදියුණු කිරීම් පිළිබඳ මඟපෙන්වීම ද ලබාදුන්නේය.

2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කඳවුරේ සංචාරය කළ විනයාරක්‍ෂාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම ඒකකයේ අණදෙන නිලධාරි මේජර් එන්.පී.ඊ.එන්. නේරංගම විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

නිලධාරින් සහ සෙසුනිලයන් සමඟින් අදහස් හුවමාරුවක නිරත වූ එතුමන් රාජකාරීන් සඳහා දක්වන කැපවීම වෙනුවෙන් එම යුද්ධ හමුදා සාමාජිකයන් පැසසුමට ලක්කළේය.