Header

Sri Lanka Army

Defender of the Nation

17th May 2023 06:50:45 Hours

යුද්ධ හමුදා ගෞරවාචාරය මධ්‍යයේ විශ්‍රාමික රණවිරුවාගේ අවසන් කටයුතු සිදුකරයි

1 වන ලංකා පාබල රෙජිමේන්තුවේ වර්ෂ 1955 සිට 1967 දක්වා කාලය කුල සේවය කළ විශ්‍රාමික සාමාන්‍ය සෙබළ වේළුපිල්ලේ අමරනාදන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුගිය ඉරිදා (14) දින කොඩිකාමම්, කුඩමියන් සුසාන භූමියේදී යුද්ධ හමුදා සාමාජිකයින් සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් සිදුකරනු ලැබීය.

52 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 521 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 9 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිළධාරීගේ උපදෙස් අනුව එම ඒකකයේ භටපිරිස් හමුදා සම්ප්‍රදායානුකූලව විශ්‍රාමික සාමාන්‍ය සෙබළ වේළුපිල්ලේ අමරනාදන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරනු ලැබීය.

89 හැවිරිදි විශ්‍රාමික සාමාන්‍ය සෙබළ වේළුපිල්ලේ අමරනාදන් රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය සිකුරාදා (12) දින අභාවප්‍රාප්ත විය. එතුමන් වෙත යුද්ධ හමුදා සේවා කාලය තුළ පිරිනමනු ලැබු පදක්කම් අවමංගල්‍ය උත්සවයේදී ළඟම ඥාතීන් වෙත පිළිගන්වනු ලැබීය.

විශ්‍රාමික සාමාන්‍ය සෙබළ වේළුපිල්ලේ අමරනාදන් වර්ෂ 1934 ඔක්තෝබර් 28 වන දින උපත ලැබූ අතර, යුද්ධ හමුදාවට බැඳීමට පෙර කොඩිකාමම් උතුර ග්‍රාම නිලධාරී වසමේ පදිංචිව සිටියේය. වර්ෂ 1955 ජූලි 04 වන දින 1 වන ලංකා පාබල රෙජිමේන්තුවට එක්වන එතුමන් යුද්ධ හමුදා නිත්‍ය බලකායේ වසර 12 ක සේවා කාලයක් සම්පූර්ණ කර වර්ෂ 1967 අප්‍රේල් 13 දින සේවයෙන් විශ්‍රාම ගියේය.