Header

Sri Lanka Army

Defender of the Nation

18th May 2023 22:29:55 Hours

රණවිරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂතුමන් රාජකාරි අරඹයි

රණවිරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ඩී.සී.සී.ඩී.ආර් වෛද්‍යසේකර ආර්එස්පී පසුගිය සඳුදා (මැයි මස 8) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේ පැවති කෙටි උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

බ්‍රිගේඩියර් ඩී.සී.සී.ඩී.ආර් වෛද්‍යසේකර ආර්එස්පී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය. ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම බ්‍රිගේඩියර් ඩී.සී.සී.ඩී.ආර් වෛද්‍යසේකර ආර්එස්පී වත්තල, හේකිත්ත ප්‍රදේශයේ පිහිටි රණවිරු සම්පත් කේන්ද්‍රයේ සේනාවිධායක ධූරය හෙබවීය.

මෙම අවස්ථාව සඳහා රණවිරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ. මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි කටයුතු හෙබවූ බ්‍රිගේඩියර් එම්. මායාදුන්න ආර්එස්පී යූඑස්පි යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගනු ලැබීය.