2023-08-21 22:38:58
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා විශේෂ විමර්ශන ඒකකයේ භටපිරිස් 100 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් වැල්ලවත්ත වෙරළ තීරය පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය සිකුරාදා (අගෝස්තු මස 18) දින සංවිධානය කරන ලදී.
2023-08-21 22:27:49
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පසුගිය බදාදා (අගෝස්තු මස 18) දින ගාල්ල, බූස්ස ප්‍රදේශයේ පිහිටි එම සේනාංක මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ සිය ධුරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
2023-08-21 22:12:07
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා ‘අන්තර් ඒකක පිහිනුම් ශූරතාවලිය -2023’ අවසන් මහා තරඟ සහ සහතිකපත්‍ර ප්රදානෝත්සවය පසුගිය සිකුරාදා (අගෝස්තු මස 18) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපද පිහිනුම් සංකීර්ණයේදී පැවැත්විණි.
2023-08-21 22:03:16
තිරුක්කෝවිල්හි ස්ථාපිත 8 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 16 වැනි සංවත්සර දිනයට සමගාමීව ආගමික වතාවත් මධ්‍යයේ සහ යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව වැඩසටහන් මාලාවක් එම ඒකකයේ අණදෙන නිලධාරී මේජර් එස්. දෙනියාය ගේ උපදෙස් මත පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 15) දින පැවැත්විණි.
2023-08-20 20:36:52
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 පාබල සේනාංකයේ 211 පාබල බලසේනාව සම්බන්ධීකරණයෙන් මහජන බැංකු බෞද්ධ සංගමයේ අනුග්‍රාහකත්වය ඇතිව පදවිය කුඩාරත්මලේ විද්‍යාලය, වැලිඔය ජනකපුර විද්‍යාලය සහ හැලඹවැව විද්‍යාලයේ ඉගෙනුම ලබන අඩු ආදායම් ලාභී පවුල් වල අධ්‍යාපනය ලබන පාසල් ළමුන් 132 දෙදෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදා දීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 15) දින එම පාසල් පරිශ්‍රයන්හීදී සිදුකරනු ලැබූහ.
2023-08-20 20:32:41
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර ලෙස ධූරයේ රාජකාරි භාරගනු ලැබූ මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී පසුගිය බදාදා (අගෝස්තු මස 16) දින 23 පාබල සේනාංක සංචාරය අතරතුර, පූනානි යුධෝපකරණ ගබඩා සංකීර්ණය සහ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙතද සංචාරයේ නිරත විය.
2023-08-19 20:51:02
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර නව ආඥාපති ලෙස මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී පසුගිය සිකුරාදා (අගෝස්තු මස 17) දින පනාගොඩ, ආරක්ෂක සේනා මූලස්ථානයේදී රාජකාරි භාරගත්තේය.
2023-08-19 20:47:04
යුද්ධ හමුදා අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති ලෙස පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 15) දින දඹුලුහල්මිල්ලෑව, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථානයේ දී හමුදා සම්ප්‍රදායානූකූලව පැවැති උත්සවයකදී ආගමික වතාවත් මධ්‍යයේ ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
2023-08-19 20:41:53
මැලේසියාවේ පැවැත්වෙන ‘Krish Aman 11’ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් දස දෙනෙකු සහ සෙසු නිලයින් විසිහය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු මස 10 ) දින මැලේසියාව බලා පිටත්ව යන ලදී.
2023-08-19 20:37:42
55 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු මස 17) දින කිලිනොච්චිය ප්‍රදේශයේ පිහිටි එම සේනාංක මූලස්ථානයේදී ධුරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.