20th August 2023 20:36:52 Hours
ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 පාබල සේනාංකයේ 211 පාබල බලසේනාව සම්බන්ධීකරණයෙන් මහජන බැංකු බෞද්ධ සංගමයේ අනුග්‍රාහකත්වය ඇතිව පදවිය කුඩාරත්මලේ විද්‍යාලය, වැලිඔය ජනකපුර විද්‍යාලය සහ හැලඹවැව විද්‍යාලයේ ඉගෙනුම ලබන අඩු ආදායම් ලාභී පවුල් වල අධ්‍යාපනය ලබන පාසල් ළමුන් 132 දෙදෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදා දීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 15) දින එම පාසල් පරිශ්‍රයන්හීදී සිදුකරනු ලැබූහ.
21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී විසින් ලබාදුන් උපදෙස් මත මහජන බැංකුව, පදවිය ශාඛාවේ මුල්‍යමය දායකත්වය ඇතිව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 211 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අයි.එන් කදනආරච්චි ආර්එස්පී සහභාගී වූ අතර, එතුමන්ගේ උපදෙස් මත 9 ගජබා රෙජිමේන්තුවේ සහ 5(ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදී.
උත්සව අවස්ථාවට 9 ගජබා රෙජිමේන්තුවේ සහ 5(ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීන්, යුද්ධ හමුදා නිලධාරීන්, සෙසු නිලයින් සහ මහජන බැංකුවේ නිලධාරීන් සහභාගී වූහ.