Header

Sri Lanka Army

Defender of the Nation

20th August 2023 20:32:41 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, සිය බලප්‍රදේශයේ නිල සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ලෙස ධූරයේ රාජකාරි භාරගනු ලැබූ මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී පසුගිය බදාදා (අගෝස්තු මස 16) දින 23 පාබල සේනාංක සංචාරය අතරතුර, පූනානි යුධෝපකරණ ගබඩා සංකීර්ණය සහ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙතද සංචාරයේ නිරත විය.

මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ප්‍රථමයෙන් පූනානි යුධෝපකරණ ගබඩා සංකීර්ණය වෙත පැමිණි අතර, එහිදී එහි සේනාවිධායක කර්නල් බී.ඒ.එස්.එස්.ඩී බුලත්ගම විසින් එතුමන් උණුසුම් ලෙස පිළිගන්නා ලදී. අනතුරුව එහි සේනාවිධායක, එතුමන් වෙත යුධෝපකරණ ගබඩා සංකීර්ණය පිළිබඳව දැනුවත් කරනු ලැබීය. එම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කල අතර, පසුව එහි කාර්යය මණ්ඩලය සමඟින් සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය. ඉන් පසුව කඳවුරු පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ එතුමන් පිටත්ව යාමට පෙර, අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක්ද තැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, අනතුරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙතද පැමිණි අතර, එහිදී ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.එච්.ඊ රත්නායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී විසින් එතුමන් උණුසුම් ලෙස පිළිගන්නා ලදී. එහිදී එතුමන් එම මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන් සමඟින්ද සුහඳව අදහස් හුවමාරු කරගන්නා ලදී.

සංචාරය සඳහා 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී, එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් ද සහභාගී වූහ.