2023-09-07 17:05:35
ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති සහ ආරක්ෂක සේනා ආඥාපති - යාපනය, මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපතිවශයෙන් ධූරයේ රාජකාරි භාර ගැනීමෙන් අනතුරුව පසුගියදා ශ්‍රී ලංකා පාබල හමුදාවේ ඒකක වෙත සිය ප්‍රථම නිල සංචාරය සිදු කරන ලදී.
2023-09-07 16:53:41
තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස කර්නල් එච්.ඩී.ජේ.පී වීරතුංග පසුගිය බදාදා (සැප්තැම්බර් මස 06) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේ දී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගත්තේය.
2023-09-07 16:50:41
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි චාමා වනසිංහ මහත්මියගේ උපදෙස් මත එම රෙජිමේන්තුවේ සේවයේ නියුතු රණවිරුවන්ගේ පවුල්වල විශේෂ අවශ්‍යතා සහිත ළමුන් සඳහා රෝද පුටු පහක් සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පසුගියදා පනාගොඩ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2023-09-06 18:51:00
ශ්‍රී ලංකා පාබල හමුදාව දැනට ක්‍රියාත්මක කරනු ලබන නිවාස ඉදිකිරීම් ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යමින් එම රෙජිමේන්තුවේ සෙබලෙකුගේ ප්‍රයෝජනය සඳහා ඉදිකරන ලද තවත් එක් නිවසක් පසුගිය සඳුදා (සැප්තැම්බර් මස 04) දින රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ පැවති උත්සවයකදී ප්‍රතිලාභීන් වෙත පවරා දෙන ලදී.
2023-09-06 18:34:58
ඉදිරි නඩත්තු පෙදෙස - උතුර යටතේ ස්ථාපිත 5 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ නිලධාරීන් ඇතුළු හමුදා සාමාජිකයින් 200 දෙනෙකුගේ සහභාගීත්වයෙන් යාපනය, ශික්ෂණ රෝහලේ අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා රුධිර පරිත්‍යාග වැඩසටහනක් පසුගියදා පැවැත්වීය.
2023-09-06 18:23:26
කලාඔය ප්‍රදේශයේ ස්ථාපිත යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ භටපිරිස්හි සම්බන්ධිකරණය මත දානපතියන්ගේ අනුග්‍රාහකත්වයෙන් කලාඔය, මූනමල්ගස්වැව ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභී පවුල්වල අධ්‍යාපනය ලබන පාසල් සිසු සිසුවියන් 30 දෙනෙකු සඳහා පාසල් උපකරණ ප්රදානය කිරීමේ වැඩසටහනක් මූනමල්ගස්වැව ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේදී පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් මස 02) දින පවත්වනු ලැබීය.
2023-09-06 11:40:58
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය බලප්‍රදේශයේ ස්ථාපිත 3 ශ්‍රී ලංකා සංඥා බලකායේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙක් ගිනස් වාර්තාවක් තැබීමේ අරමුණින් දින 12 ක් තුළ කිලෝමීටර 578 ක දුරකින් සමන්විත යාපනය, පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා පා ගමනක් ඉකුත් අඟහරුවාදා (සැප්තැම්බර් 5) දින ආරම්භ කරනු ලැබීය.
2023-09-05 23:31:53
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය සහ එම රෙජිමේන්තු සේවා...
2023-09-05 23:15:36
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකය වෙතින් ලෝක පොල් වගාකිරීමේ දිනයට සමගාමීව ආර්ථීක අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල ජීවනෝපාය වැඩිදියුණු කිරීමේ අරමුණින් මුලතිව් ප්‍රදේශයේ සිවිල් වැසියන් 300 දෙනෙකු වෙත පොල් පැළ 1850 ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය ඉරිදා (සැප්තැම්බර් මස 3) දින පුදුකුඩිඉරිප්පු මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයේදී ක්‍රියාත්මක කෙරිණි.
2023-09-05 23:11:40
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ජෙනරල් එම්.එස්. දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී පසුගිය සිකුරාදා (සැප්තැම්බර් මස 1) දින ආගමික වතාවත් මධ්‍යයේ ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.