07th September 2023 16:53:41 Hours
තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස කර්නල් එච්.ඩී.ජේ.පී වීරතුංග පසුගිය බදාදා (සැප්තැම්බර් මස 06) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේ දී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගත්තේය.
යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ වැඩබලන කර්නල් තොරතුරු තාක්‍ෂණ ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ආර්.එම්.ආර් වික්‍රමසිංහ යූඑස්පී විසින් එතුමන් උණුසුම් ලෙස පිළිගන්නා ලදී.
කර්නල් එච්.ඩී.ජේ.පී වීරතුංග, මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නිල ලේඛනයකට අත්සන් තබමින් රාජකාරි කටයුතු භාරගත්තේය. අනතුරුව එතුමන් එම අධ්‍යක්‍ෂක කාර්යාලයේ නිලධාරීන් සහ සෙසු නිලයින් ඇමතීය.
නව ධූරයේ රාජකාරි භාරගැනීමට පෙර එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලසේනාවේ බලසේනාධිපති ලෙස කටයුතු කළේය.
මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි හෙබවූ බ්‍රිගේඩියර් ජී.එල්.එස්.ඩබ්ලිව්.ලියනගේ යූඑස්පී පීඑස්සී යුද්ධ හමුදා විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ ලෙස පත්කෙරිණි.
මෙම අවස්ථාවට තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් එක්ව සිටියහ.