05th September 2023 23:15:36 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකය වෙතින් ලෝක පොල් වගාකිරීමේ දිනයට සමගාමීව ආර්ථීක අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල ජීවනෝපාය වැඩිදියුණු කිරීමේ අරමුණින් මුලතිව් ප්‍රදේශයේ සිවිල් වැසියන් 300 දෙනෙකු වෙත පොල් පැළ 1850 ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය ඉරිදා (සැප්තැම්බර් මස 3) දින පුදුකුඩිඉරිප්පු මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයේදී ක්‍රියාත්මක කෙරිණි.
යුද්ධ හමුදාවේ ඉල්ලීමකට අනුව ‘මනුසත් දෙරණ’ පදනම සහ හලාවත වැවිලි පුද්ගලික සමාගම වෙතින් මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් ඒම්.කේ. ජයවර්ධන ආර්ඒස්පී වීඒස්වී යූඒස්පී ඒන්ඩීයූ සමඟින් 68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්ඒස්පී ඒන්ඩීසී පීඒස්සී සහභාගී වූහ.
මෙම පරිත්‍යාග වැඩසටහනේ සංවිධාන කටයුතු 68 පාබල සේනාංකයේ භටපිරිස් විසින් සිදුකරනු ලැබූහ. මෙම අවස්ථාව සඳහා ප්‍රදේශයේ භික්‍ෂූන් වහන්සේලා ප්‍රමුඛ ආගමික පූජකවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, රාජ්‍ය නිලධාරීන්, ‘මනුසත් දෙරණ’ වැඩසටහනේ නිෂ්පාදන කළමනාකරු හර්ෂ ජයරත්න මහතා, හලාවත වැවිලි පුද්ගලික සමාගමේ සභාපති ජූඩ් රූකාන්ත පෙරේරා මහතා සහ ප්‍රතිලාභීන් ද එක්ව සිටියහ.