06th September 2023 18:23:26 Hours
කලාඔය ප්‍රදේශයේ ස්ථාපිත යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ භටපිරිස්හි සම්බන්ධිකරණය මත දානපතියන්ගේ අනුග්‍රාහකත්වයෙන් කලාඔය, මූනමල්ගස්වැව ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභී පවුල්වල අධ්‍යාපනය ලබන පාසල් සිසු සිසුවියන් 30 දෙනෙකු සඳහා පාසල් උපකරණ ප්‍රදානය කිරීමේ වැඩසටහනක් මූනමල්ගස්වැව ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේදී පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් මස 02) දින පවත්වනු ලැබීය.
කලාඔය, යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.වී.ඒ. සෝමවීර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලද අතර, ඒ සඳහා මූල්‍යමය දායකත්වය කොළඹ ප්‍රදේශයේ දානපතියෙකු වන ප්‍රියාන් පෙරේරා මහතා ඇතුළු හිතවතුන් පිරිසක් එක්ව ලබාදුන්හ.
වැඩසටහන සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.