2025-01-24 17:31:00
අම්පාර සටන් පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් එම්.පී.එස්.පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 2025 ජනවාරි මස 22 දින ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
2025-01-24 17:30:17
රජය විසින් දියත් කරන ලද ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ, අභිමංසල-II සුවතා නිකේතනයේ භටපිරිස් විසින් 2025 ජනවාරි මස 21 දින විල්පිට වත්ත මාර්ගය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
2025-01-23 19:23:05
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායක සහ ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරගම, වල්ගම ප්‍රදේශයේ පදිංචි එම්. නිලූෂා කුමාරි මෙනෙවිය සහ ඇයගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් නවතමයෙන් ඉදිකරනු ලැබූ නිවස 2025 ජනවාරි මස 22 දින නිල වශයෙන් භාරදීම සිදුකරනු ලැබීය.
2025-01-23 19:22:48
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 21 වන රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී 2025 ජනවාරි මස 20 දින වැහැර ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු රෙජිමේන්තු මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
2025-01-23 19:22:42
අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ එක් අදියරක් ලෙස ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වී.ඩී.එස් පෙරේරා ගේ අධීක්ෂණය මත 2025 ජනවාරි මස 22 දින වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2025-01-23 19:19:04
අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ එක් අදියරක් ලෙස ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ. මුතුමාල යූඑස්පී පීඑස්සී ගේ අධීක්ෂණය මත 2025 ජනවාරි මස 21 දින එම ආරක්ෂක සේනා මූලස්ථානය වෙතින් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2025-01-23 17:35:51
ඉංජිනේරු සේවා බලකායේ අභිමානවත් 75 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් 2025 ජනවාරි මස 10 දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ ස්ථාපිත එම රෙජිමේන්තු මූලස්ථානයේදී ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක සහ 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.එන්. රසික කුමාර එන්ඩීසී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක් පැවැත්විණි.
2025-01-23 17:31:39
61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ටී.පී ද සිල්වා ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් යටතේ, 2025 ජනවාරි මස 21 දින සිට 23 දින දක්වා එම සේනාංක මූලස්ථානයේදී ජංගම දුරකථන ඡායාරූපකරණය පිළිබඳ තෙදින වැඩමුළුවක් පවත්වනු ලැබීය.
2025-01-23 13:00:51
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ ඉංජිනේරු සේවා අධ්යක්ෂ මණ්ඩලයේ අධීක්ෂණය මත 10 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය තුළින් හම්බන්තොට ක්‍රිස්තියානි දේවස්ථානයේ පෙරපාසල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 2025 ජනවාරි මස 21 දින සාර්ථකව අවසන් කරන ලදී.
2025-01-22 15:33:31
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නව බලකාධිපති ලෙස මේජර් ජෙනරල් යූ.එල්.ජේ.එස්. පෙරේරා ආර්එස්පී