Header

Sri Lanka Army

Defender of the Nation

24th January 2025 17:31:00 Hours

අම්පාර සටන් පුහුණු පාසලේ නව සේනාවිධායකතුමන් රාජකාරි අරඹයි

අම්පාර සටන් පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් එම්.පී.එස්.පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 2025 ජනවාරි මස 22 දින ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

පුහුණු පාසල් පරිශ්‍රය වෙත සපැමිණි බ්‍රිගේඩියර් එම්.පී.එස්.පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එතුමන් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකළේය. මෙම අවස්ථාව සනිටුහන් කරමින්, කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කළ එතුමන් අනතුරුව, සමූහ ඡායාරූපයකට ද පෙනීසිටියේය. ඉන් අනතුරුව, ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් එතුමන් ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තැබීය.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් භටපිරිස් ආමන්ත්‍රණය කළ නව සේනාවිධායකතුමන් අනතුරුව, සියළු නිල තේ පැන් සංග්‍රහයකට ද සහභාගි විය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.