Header

Sri Lanka Army

Defender of the Nation

22nd January 2025 15:33:31 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නව බලකාධිපති රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නව බලකාධිපති ලෙස මේජර් ජෙනරල් යූ.එල්.ජේ.එස්. පෙරේරා ආර්එස්පී යූඑස්පී එන්පීඑස් පීඑස්සී 2025 ජනවාරි මස 10 දින ආගමික වතාවත් මධ්‍යයේ ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.

රාජකාරි භාරගැනීමෙන් අනතුරුව 2025 ජනවාරි මස 16 දින නව බලකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනැමීමෙන් පසුව එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර භටපිරිස් ආමන්ත්‍රණය කළේය. අනතුරුව, සියළුනිල තේ පැන් සංග්‍රහයකට සහභාගි වූ එතුමන් කඳවුරු නිරීක්‍ෂණ සංචාරයක නිරතවිය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.