2023-11-26 10:22:03
ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් වෙනුවෙන් පැවැත්වූ ‘නායකත්ව සහ වෘත්තීය සංවර්ධන පාඨමාලා අංක – 48’ හි සහතිකපත්‍ර ප්‍රධානෝත්සවය නොවැම්බර් මස 21 දින අම්පාර සටන් පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
2023-11-25 10:42:33
68 පාබල සේනාංකයේ භටපිරිස් නොවැම්බර් මස 22 දින 593 පාබල බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ මහජනතාව වෙනුවෙන් ජංගම අක්ෂි සායනයක් පැවැත්වීය.
2023-11-25 10:39:49
පවතින අයහපත් කාලගුණයත් සමඟ කල්ලිකුලම් 215 සී ග්‍රාම නිලධාරි වසමේ පිහිටි පෙරියපුලියන්කුලම වැව් බැම්මෙන් ජලය කාන්දුවීම වැළැක්වීමේ අරමුණින් යුහුසුළුව ක්‍රියාත්මක වු ඕමන්ත ප්‍රදේශයේ ස්ථාපිත 563 පාබල බලසේනාවට අයත් 11 ගැමුණු හේවා බලකායේ භටපිරිස් එම වැව් බැම්ම කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන ලදී.
2023-11-25 10:37:09
නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2023 නොවැම්බර් මස 22 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේදී පැවැත්විණි.
2023-11-25 10:33:10
53 පාබල සේනාංකයේ භටපිරිස් විසින් ක්‍රියාත්මක කරනු ලැබූ තවත් එක් ප්‍රජා සත්කාරක වැඩසටහනක් වශයෙන් දඹුල්ල, සීගිරිය, ඉනාමළුව, දිගම්පතාන, පොළත්තාව, වරාහේන, නාගල්වැව, සියඹලාවැව, කිඹිස්ස, පහළවැව, වැලිහේන, කලෝගහඇළ, රොටෝරිගම, හේන්වෙලයාගම, පැල්වෙහෙර සහ කණ්ඩලගම ප්‍රදේශවල වෙසෙන තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් 130 ක් වෙත 2023 නොවැම්බර් මස 2 දින දඹුල්ල ප්‍රදේශයේ ස්ථාපිත එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී වියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙනු ලැබීය.
2023-11-25 10:28:19
අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානය වෙතින් සංවිධානය කරනු ලැබූ ‘මේජර් ජෙනරල් වයි. බාලරත්නරාජා වීඑස්වී යූඑස්පී එන්ඩීසී යුද ශාරීරික අභියෝග ශූරතා කුසලාන තරඟාවලිය - 2023’ නොවැම්බර් මස 17 සිට 19 දින දක්වා කාලය තුළ සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේ බාධක තරණ පුහුණු පෙදෙසේ දී පැවැත්විණි.
2023-11-25 10:12:19
2023 නොවැම්බර් මස 18 දිනට යෙදුනු යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ 3 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරනු ලැබීය. ආගමික වතාවත්වලට ප්‍රමුඛතාව ලබාදෙමින් යුද්ධ හමුදා සාමාජිකයන් අතර සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් මාලාවක් මීට සමගාමීව ක්‍රියාත්මක කරනු ලැබීය.
2023-11-25 10:03:27
නොවැම්බර් මස 16 දිනට යෙදුනු 3 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අභිමානවත් 35 වන සංවත්සර දින සැමරුම වෙනුවෙන් කලත්තෑව ප්‍රදේශයේ ස්ථාපිත එම ඒකක මූලස්ථානයේදී සැමරුම් උත්සවයක් පැවති අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 3 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එන්.වී.ඒ.එම්. විතානගේ ආර්එස්පී පීඑස්සී සහභාගී විය.
2023-11-24 06:01:10
පුත්තලම ප්‍රදේශයේ වන වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පුත්තලම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂතුමන් විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් 14 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 143 පාබල බලසේනාවට අයත් 16 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් එම ඒකකයේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්ෂණය මත පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 16) දින පුත්තලම - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කල්අඩි ප්‍රදේශයේ මාර්ගය දෙපස කරඳ පැළ 400 ක් රෝපණය කරනු ලැබීය.
2023-11-24 05:54:43
පුත්තලම, තබ්බෝව ශ්‍රී ශාක්‍ය මුනින්දාරාම විහාරස්ථානයේ කඨින චීවර පූජා පිංකම නොවැම්බර්