Header

Sri Lanka Army

Defender of the Nation

25th November 2023 10:39:49 Hours

11 ගැමුණු හේවා බලකායේ භටපිරිස් හානියට පත් පෙරියපුලියන්කුලම වැව් බැම්ම පිළිසකර කරයි

පවතින අයහපත් කාලගුණයත් සමඟ කල්ලිකුලම් 215 සී ග්‍රාම නිලධාරි වසමේ පිහිටි පෙරියපුලියන්කුලම වැව් බැම්මෙන් ජලය කාන්දුවීම වැළැක්වීමේ අරමුණින් යුහුසුළුව ක්‍රියාත්මක වු ඕමන්ත ප්‍රදේශයේ ස්ථාපිත 563 පාබල බලසේනාවට අයත් 11 ගැමුණු හේවා බලකායේ භටපිරිස් එම වැව් බැම්ම කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන ලදී.

පෙරියපුලියන්කුලම වැවේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් වැව් බැම්මෙන් ජලය කාන්දු වීම හේතුවෙන් යුද්ධ හමුදා භටපිරිස් නොවැම්බර් මස 20 දින වැලි කොට්ට අතුරා එම වැව් බැම්ම පිළිසකර කළහ.

563 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් වයි.එම්.එස්.සී.බී. ජයතිලක ආර්එස්පි යූඑස්පී ගේ මඟපෙන්වීම මත 11 ගැමුණු හේවා බලකායේ භටපිරිස් කඩිනමින් එම ස්ථානය වෙත ගොස් පැය කිහිපයක් තුළ වැව් බැම්මේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරනු ලැබූහ.