Header

Sri Lanka Army

Defender of the Nation

25th November 2023 10:42:33 Hours

68 පාබල සේනාංකයේ භටපිරිස්හි මූලිකත්වයෙන් ජංගම අක්‍ෂි සායනයක්

68 පාබල සේනාංකයේ භටපිරිස් නොවැම්බර් මස 22 දින 593 පාබල බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ මහජනතාව වෙනුවෙන් ජංගම අක්‍ෂි සායනයක් පැවැත්වීය.

මෙම අක්‍ෂි සායනය සඳහා පුද්ගලයින් 198 දෙනෙකු සහභාගී වූ අතර ඔවුන් අතරින් 28 දෙනෙකුගේ ඇස්වල සුද ඉවත් කිරීමේ සැත්කම් සිදුකිරීමට ඇතිබව හඳුනාගනු ලැබීය. එම රෝගීන් භටපිරිස්හි සම්බන්ධීකරණය මත නුදුරේදී වවුනියාව ශික්‍ෂණ රෝහලේදී සැත්කම් සඳහා භාජනය කිරීමට නියමිතව ඇත.

මෙම ජංගම අක්‍ෂි සායනය සාර්ථකව පැවැත්වීම සඳහා නැවත පදිංචි කිරීම හා පුනරුදයට සහයවීමේ සංගමයේ ලේකම් වෛද්‍ය වී සවේස්වරන්, මාංචෝලෙයි රෝහලේ විකලාංග වෛද්‍ය කජන් මහතා, අක්‍ෂි ශල්‍ය වෛද්‍ය වෛද්‍ය ෆාතිමා නිෂ්නා මහත්මිය සහ එම රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහයෝගය හිමිවිය.

මෙම ප්‍රජා මූලික ව්‍යාපෘතිය සාර්ථකව සිදුකිරීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශයන් ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, 68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහ 593 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච්.වී.ඒ. සෝමවීර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී විසින් ලබාදුන්හ.