2023-12-09 20:03:43
ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල අසල පිහිටි ඉදිකිරීම් ස්ථානයක් තුළ පස් කන්දක් කඩාවැටීමෙන් එම ස්ථානයේ සේවයේ නිරතව සිටි කම්කරුවන් තිදෙනෙකු පස් කන්දට යට වූ අතර ඔවුන් බේරාගැනීම සඳහා 61 පාබල සේනාංකයට අයත් 613 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 2 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් සෙනසුරාදා (දෙසැම්බර් මස 09) දින පස්වරුවේ සිය දායකත්වය ලබාදුන්හ.
2023-12-09 20:00:49
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 11 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පසුගිය සඳුදා (දෙසැම්බර් මස 06) දින යාපනය, වෙල්වැටිතුරෙයි ප්‍රදේශයේ පිහිටි කලවානි පෙරපාසලේ ඉගෙනුම ලබන ළමුන් 28 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ සහ කලවානි ප්‍රජා මධ්‍යස්ථානය වෙත පුටු 30 ක් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2023-12-08 18:47:15
විශ්‍රාම දිවියට එළඹෙන ජාතික ශිෂ්‍යභට බලකායේ නිලධාරීන් 44 දෙනෙකු වෙත ගෞරවාචාර පුදකිරීමේ
2023-12-08 18:45:26
අධික වර්ෂාපතනය හේතුවෙන් පසුගිය බදාදා (දෙසැම්බර් මස 06) දින ඉදල්ගස්හින්න දුම්රිය
2023-12-08 18:43:41
කොට්ටාව උතුර ප්‍රදේශයේ පිහිටි ධර්මපාල විද්‍යාලයේ පාසල් බලධාරින්ගේ ඉල්ලීමකට අනුව මත්තේගොඩ ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ භටපිරිස්හි මූලිකත්වයෙන් එම විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් 78 දෙනෙකු වෙනුවෙන් පසුගිය අඟහරුවාදා (05) දින එම සේනාංක මූලස්ථානයේදී නායකත්ව පුහුණු වැඩසටහනක් පැවැත්වීය.
2023-12-08 18:41:24
මූල්‍ය කළමනාකරණ අධ්යක්ෂ ජෙනරාල් සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී දෙසැම්බර් මස 05 දින අම්බලන්තොට ප්‍රදේශයේ ස්ථාපිත 10 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තු මූලස්ථානයේ නිල සංචාරයක නිරතවිය.
2023-12-07 19:30:55
232 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 4 ගැමුණු හේවා බලකායේ භටපිරිස් මඩකලපුව කලාප අධ්‍යාපන කාර්යාලයේ සහයෝගය ඇතිව 2023 වසරේ අ.පො.ස (උ/පෙළ) විභාගයට පෙනීසිටීමට නියමිත එම අධ්‍යාපන කලාපයේ පාසල්වල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 91 දෙනෙකු සඳහා අධ්‍යාපනික සම්මන්ත්රණ මාලාවක් කරදියනාරු, මහා විද්‍යාලයේදී පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 05) දින ක්‍රියාත්මක කරන ලදී.
2023-12-07 19:21:41
ශ්‍රී ලංකා ජාතික බර ඉසිලීමේ කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා යුද්ධ හමුදා බර ඉසිලීමේ ක්‍රීඩක සැරයන් වයි.ඩී.අයි. කුමාර පසුගිය සඳුදා (දෙසැම්බර් මස 4) දින පැවති ‘Qatar IWF Grand Prix -2023’ තරඟාවලියේ කිලෝග්‍රෑම් 55 බර පන්තිය නියෝජනය කරමින් ලෝකඩ පදක්කම් දෙකක් දිනාගැනීමට සමත්විය.
2023-12-07 19:19:32
යුද්ධ හමුදා මූලස්ථානයේ පිරිස් පරිපාලන අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් එච්.ටී.ඩබ්ලිව්. විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යුඑස්පී යුද්ධ හමුදා මූලස්ථානයේදී බ්‍රස්පතින්දා (දෙසැම්බර් මස 07) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී රාජකාරි භාරගත්තේය.
2023-12-07 19:15:52
ලෝක පාංශු දිනයට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයට අයත් 522 සහ 523 පාබල බලසේනාවන්හි භටපිරිස් විසින් අලිමංකඩ සිට කයිතඩි දක්වා ඒ9 මාර්ගය දෙපස පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 05) දින ක්‍රියාත්මක කරන ලදී.