Header

Sri Lanka Army

Defender of the Nation

08th December 2023 18:41:24 Hours

ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායකතුමන් 10 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිල සංචාරයක

මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී දෙසැම්බර් මස 05 දින අම්බලන්තොට ප්‍රදේශයේ ස්ථාපිත 10 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තු මූලස්ථානයේ නිල සංචාරයක නිරතවිය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී එම එ්කකයේ භටපිරිස් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, එතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කරමින් ඔවුන්ගේ සේවයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කරනු ලැබීය. 10 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන් විසින් එම බලඇණියේ වත්මන් කාර්යභාරය සහ වගකීම් පිළිබඳව කර්නල් සේනාවිධායකතුමන් දැනුවත් කරන ලදී. මෙම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

සමූහ ඡායාරූප කිහිපයකට පෙනී සිටිමෙන් අනතුරුව එතුමන් භටපිරිස් සමඟ සුහද තේ පැන් සංග්‍රහයකට සහභාගී වෙමින් ඔවුන් සමඟ සුහඳ අදහස් හුවමාරුවක නිරතවිය.